33 C
Colombo
Monday, April 29, 2024

දියණිය පොලී මුදලාලිට විකුණූ පියා අත්අඩංගුවට

- Advertisement -

සිය බිරියද හවුල්කරගනිමින් නිවසේ පවත්වාගෙන ගිය බූරුපොළට පොලිකරුවකුගෙන් ලබාගත් මුදල වෙනුවට තම පාසල් යන 16 හැවිරිදි දියණිය විකිණු බව කියන පියකු අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලීසියේ ළමා කාන්තා කාර්යංශය පවසනවා.

මේ පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇත්තේ මුදල් පොලියට ලබාදෙන පුද්ගලයා රහසිගතව සිසුවියට ලබා දී තිබූ ජංගම දුරකථනය ඇයගේ පුංචි අම්මාට හසුවීම හේතුවෙන්.

දැරිය මාමා අතින්ද මීට වසර දෙකකට පෙර දුෂණයට ලක්වී තිබෙන බව පොලීසිය සඳහන් කරනවා.

සැකකාර පියා ඊයේ (30) සවස අත්අඩංගුවට ගැනීමෙන් පසු මාමා සහ පොලී මුදලාලි ප්‍රදේශයෙන් පලාගොස් තිබෙන බවට වාර්තා වෙනවා.

දියණියන් දෙදෙනකුගේ මවක හා පියකු වන සැකකාර පියා තම නිවසේ කාලයක් තිස්සේ රහසිගතව සූදුපොළක් පවත්වාගෙන ගොස් තිබු අතර කලවාන ප්‍රදේශයේ 38 හැවිරිදි විවාහක පුද්ගලයකු මෙම සූදුපොලට මුදල් පොලීයට දිමට විටින් විට මෙම නිවසට පැමිණ තිබෙනවා.

සැකකාර පියා බූරුවා ගැසීමට පොලී මුදලාලිගෙන් ලබාගත් මුදල් ගෙන ඒ වෙනුවට තම දියණිය ලිංගික කටයුතු සඳහා යොමුකර ඇති බව පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙන බව පොලීසිය සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...