කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහි විරෝධතා අද (12) ද්නයේත් ක්‍රියාත්මක විය.
උද්ඝෝෂණ, විරෝධතා ඇතුළු මහජන ඒකරාශීවීම් රජය විසින් තහනම් කර ඇති නමුත් දිනපතා රටපුරා විවිධ ස්ථානවල විරෝධතා, උද්ඝෝෂණ සංවිධානය වී තිබූ බව දැකගත ඇකි විය.
කොළඹ ලිප්ටන් වටරවුමේදී ද අද (12) පස්වරුවේදී කොතලාවල පනතට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු සංවිධාන ගණනාවක් විසින් සංවිධානය කළ විරෝධතාවයක් පැවැත්විණ.
ඡායාරූප – අජිත් සෙනෙවිරත්න





