32 C
Colombo
Monday, April 29, 2024

වී මිල දී ගැනීමට රජය බිලියන 20ක් වැය කිරීමට සූදානම්-මහින්ද අමරවීර

- Advertisement -

මහ කන්නයේ වී මිල දී ගැනීමේ වැඩපිළිවෙළ සඳහා රජය රුපියල් බිලියන 20ක් දක්වා මුදල් වැය කිරීමට සූදානම් යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අද (27) පෙරවරුවේ වීරකැටිය හා අගුනකොළැපැලැස්සේ දී අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජය මගින් මාසයකට සහල් කිලෝ 10ක් බැගින් නොමිලේ ලබා දීමේ වැඩසටහනට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

මෙවර මහ කන්නයේ වී මිල දී ගැනීමේ වැඩපිළිවෙළ රජය දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් සිදු කරනු ලැබූ අතර කුඩා වී මෝල් අයිතිකරුවන්ගේ ආර්ථික තත්ත්වය නගා සිටු වීම සඳහා එම වී සහල් බවට පත් කර අඩු ආදායම්ලාභී පවුල් සඳහා නොමිලේ ලබා දීමට තීරණය කර තිබුණා.

මෙම සහල් බෙදා දීමේ වැඩසටහන එක් එක් දිස්ත්‍රික්කවලදී ඊයේ (26) සිට ආරම්භ වූ අතර මාස දෙකක් යන තෙක් සහල් කිලෝ 10ක් බැගින් එක් පවුලකට ලබා දීමට තීරණය කළ ද අවශ්‍ය වුවහොත් ඉදිරි මාස කිහිපයක් එක දිගට ම සෑම පවුලකට ම සහල් ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.

කෘෂිකර්ම අමාත්‍යවරයා පවසන්නේ සහල් ලබා දීමේ වැඩසටහන දිගට ම ක්‍රියාත්මක කිරීමට නොහැකි වුවහොත් සියලු අඩු ආදායම්ලාභි පවුල් සඳහා යම් සහනාධාර මුදලක් වුවත් ලබා දීමට රජය සූදානම් බවයි.

RECENT ARTICLES - SINHALA

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...