26 C
Colombo
Monday, April 29, 2024

නිරායුද පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ පෙත්සම විභාගයට දින නියම වෙයි

- Advertisement -

නාඋලදී නිරායුද පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිසියේ පිරිසකට එරෙහිව ඔහුගේ බිරිඳ පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රෙෂ්ඨාධිකරණය ඊයේ (23) තීන්දු කළා.

එසේම එම නඩුවේ පස්වැනි වගඋත්තරකරු ලෙස නාඋල පොලිසියේ ස්ථානාධිපතිවරයා නම් කර ඔහුට ද නොතීසි යවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ යසන්ත කෝදාගොඩ, ඒ එල් ශිරාන් ගුණරත්න සහ අචල වෙංගපපුලි යන විසිනුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගෙන තිබුණා

වෙඩි වැදී මිය ගිය අලුත්ගෙදර තුෂාර චන්ද්‍රරත්නගේ බිරිඳ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස් සැරයන් ජනක රුවන් අමරසිංහ, පොලිස් සැරයන් වීරකෝන් මුදියංසේලාගේ විජේතුංග, පොලිස්පති , නීතිපතිවරයා මෙන්ම පස්වැනි වගඋත්තරකරු ලෙස නාඋල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් එස් එස් රාජනායක මහතා නම් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ සැප්තැම්බර් 05 වෙනිදා නඩුව විභාග කිරීමටයි.

නාඋල දී 2022 මාර්තු 03 වැනිදා ප්‍රධාන මාර්ගයකදී අලුත්⁣ගෙදර තුෂාර චන්ද්‍රරත්න නම් පුද්ගලයාට ඇඳුම් ගලවන ලෙස කළ නියෝගයකට විරෝධය පල කිරීම හේතුවෙන් ඔහු වෙඩි තබා ඝාතනය කර තිබුණා.

ඊට අදාලව මුලින් මරණ පරීක්ෂණයේ සාක්කි කැඳවූ අවස්ථාවේදී සිද්ධිය යටපත් කරමින් පොලිස් නීති කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ රුවන් ගුණසේකර මහතා සාක්කි මෙහෙයවීයැයි කියමින් මිය ගිය පුද්ගලයාගේ බිරිඳ අගවිනිසුරුට පැමිණිල්ලක්ද ගොනු කර තිබෙනවා.

පෙත්සම්කාරිය වෙනුවෙන් නීතිඥ මනුෂිකා කු⁣⁣⁣රේ, මාදව ඊරියගම සමග නීතිඥ චාරක ධර්මරත්න මහතා පෙනී සිටි බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...