28.2 C
Colombo
Saturday, April 27, 2024

මහජන උපයෝගිතා කොමිසම විදුලි කප්පාදුව ගැන ගත් අලුත්ම තීරණය

- Advertisement -

අද (01) සහ හෙට (02) යන දින දෙක තුළදී දී පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව, A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දිවා කාලයේ පැය 1ක් සහ රාත්‍රී කාලයේ දී පැය 1යි විනාඩි 20ක් ලෙස විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.

කෙසේ වෙතත් ඊයේ (30) දිනයේ මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ අද (01) දින සිට විදුලි කප්පාදුව සඳහා අවසර ලබා දී නොමැති බවයි.

මේ අතර දකුණු පළාත සහ ඇල්ල සංචාරක කලාපය හෙට (01) රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස් කර තිබෙනවා.

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ දෙසැම්බර් 15 වනදා දක්වා දිවයිනේ සෙසු ප්‍රදේශ සඳහා දහවල් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුවන බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ දෙසැම්බර් 15 වනදායින් පසුව සංචාරක අමාත්‍යාංශය විසින් හඳුනාගෙන ඇති සියලු සංචාරක කලාපය සඳහා රාත්‍රී විදුලි කප්පාදුව සිදු නොවන බවයි.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...