25 C
Colombo
Monday, April 29, 2024

කංසා අපනයනය කිරීමට අවශ්‍ය නීතිය කැබිනට් මණ්ඩලයට යොමු කරනවා – සිසිර

- Advertisement -

ඖෂධීය කංසා අපනයනය කිරීම සඳහා අවශ්‍ය නීතිය කැබිනට් මණ්ඩලය හමුවට ගෙන එන බව දේශීය වෛද්‍ය, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා.

එළඹෙන 5 වනදා වනවිට ඊට අදාළ කටයුතු සම්පාදනය කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

ඖෂධීය කංසා නිෂ්පාදන හරහා රටට වැඩි අපනයන ආදායමක් ලබාගත හැකි බවත් සිසිර ජයකොඩි පවසනවා.

“දේශීය වෙදකම් ප්‍රවර්ධනයත්, ආයුර්වේද ක්ෂේත්‍රයෙනුත් පමණක් ඩොලර් බිලියන 3ක් අපට විදේශ විනිමය ලබාගන්න පුළුවන්. මහා සම්පතක් මත අපි ඉන්නේ. ඒ ජයග්‍රහණ තවම අපේ රටට ලබාදෙන්න අපට හැකියාවක් ඇත්තේ නෑ. ඒ නිසා ඒවාට සම්බන්ධ බාධක, මේ මෑත දින කිහිපය තුළ පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ඉතා ප්‍රබල සාකච්ඡාවක් ඇති වුණා. ඖෂධීය කංසා සම්බන්ධයෙන්. අපනයනය සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක්.

විශේෂයෙන්ම මේ ජයග්‍රහණය අපිට ඉදිරි කාලපරිච්ඡේදයේ දී රටට ලබාදිය හැකියි. ලෝකයේ ට්‍රිලියන 4කට වඩා වැඩි වෙළෙඳපොළක් ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඖෂධීය කංසාවලට තියෙනවා.න්පාරම්පරික වෙදකමේ අවුරුදු දහස්ගණනක් තිස්සේ භාවිතා කළ ඖෂධ මේවා. විශේෂයෙන් බටහිර ඉංග්‍රීසි අධිරාජ්‍ය කාලපරිච්ඡේදය තුළ තමයි මේවා යටපත් කළේ. ඉතින් ඒ පාරම්පරික වේදකමත් එක්ක තමයි ඖෂධීය කංසා පිළිබඳ සාකච්ඡාව ඇති වුණේ.

පසුකාලීනව ආයුර්වේද නිෂ්පාදන ලෙස එළිදැක්වීම සිද්ධ වුණා. ඒ කොහොම වුණත්, ආයුර්වේද ක්ෂේත්‍රයට අදාළව පමණක් අපනයනය අරමුණු කරගෙන ආයුර්වේද නිෂ්ෂාදන අපිට මේ වෙළෙඳ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නෛතික කරුණු මේ වනවිට සම්පාදනය වෙනවා. මේක දැනටමත් කල්ගියා වැඩියි.”

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...