පවතින ආර්ථික අර්බුදය හමුවේ රජයේ සංවර්ධන වැඩකටයුතු සඳහා පවතින ගෙවීම් හිඟය රුපියල් බිලියන 200 ක් බව ආර්ථික ස්ථායිකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වූ ජාතික අනුකාරක සභාව සිය දෙවන වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.
රටේ උද්ධමනය සහ මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් දේශීය ඉදිකිරීම් කර්මාන්තය ද බරපතළ අර්බුදයකට ලක්ව තිබෙනවා.
මෙම ගෙවීම් හිඟව පවතින රාජ්‍ය ආයතන ලෙස මාර්ග සංවර්ධන රිය, ජල සම්පාදන මණ්ඩලය, අධ්‍යාපන අමාත්‍යාංශය, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල පවතින බව මෙම වාර්තාව පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම ප්‍රාදේශීය මාර්ග සංවර්ධන ක්‍ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ආරම්භ කළ කිලෝමීටර ලක්ෂයේ ව්‍යාපෘතියේ අවසන් කර ඇත්තේ කිලෝමීටර 5,423 ක් පමණක් බවත් එහි තවත් කිලෝමීටර 17,847 ක් සඳහා ටෙන්ඩර් ප්‍රදානය කර තිබෙනවා. එම ව්‍යාපෘතියේ හිඟව ඇති මුදල සටහන් වන්නේ රුපියල් බිලියන 54.7 ක් ලෙසයි.
තට්ටු නිවාස ඒකක 4,800 ක් පමණ ඉදි කිරීම් සම්පූර්ණ කරගැනීමට නොහැකිව හෝ විකුණාගත නොහැකිවීමෙන් අර්බුදයට ලක්ව ඇතැයි ජාතික සභා අනුකාරක සභාවේ දෙවන වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.