29.1 C
Colombo
Thursday, April 25, 2024

චීන පොහොර නැවට ගෙවපු සල්ලි ආයෙ ලැබෙන්නෙ නෑ..! – ඇමති කියයි

- Advertisement -

චීන පොහොර නැවට ගෙවූ ඩොලර් මිලියන 6.9ක මුදල හෝ ඒ වෙනුවට රසායනික පොහොර ලබා ගැනීමට කළ උත්සාහයන් අසාර්ථක වී ඇතැයි කෘෂිකර්ම වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ, අද දින පාර්ලිමේන්තුවේදී අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

මේ සම්බන්ධව ගත ගත යුතු පියවර පිළිබඳ නීතිපති උපදෙස් ලබාගෙන තිබෙන අතර නුදුරේදීම ඒ ගැන ක්‍රියාමාර්ග ගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා පවසන්නේ.

මේ ප්‍රශ්නය පිළිබඳ වැඩිදුර සොයා බලා විසඳුම් ඉදිරිපත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ කමිටුවක් පත්කර තිබෙන බවත් අමාත්‍යවරයා පවසනවා.

මේ අතර, ණය ගෙවීමට නොහැකි නම් චීන ආයෝජනයෙන් කළ ශ්‍රී ලංකාවෙි සම්පත් සින්නක්කරව ලියා දෙන්නැයි චීනය පවසා තිබෙන බවට පළවන ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් උත්තරයක් දිය යුතුව ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.

කවුරු රට පාලනය කළත් ශ්‍රී ලංකාව යනු සියලුම දෙනාගේ රට බවයි එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පවසා සිටියේ.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...