32 C
Colombo
Thursday, May 2, 2024

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළට

- Advertisement -

මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 61,000 සීමාව ඉක්මවා ගොස් තිබෙන බවට වාර්තා වෙනවා.

ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති අධිඅවදානම් කලාප සංඛ්‍යාව 34ක් දක්වා පහත වැටී ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.

ඒ අනුව අද (26) දිනය දක්වා මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,225ක් බවයි වාර්තා වන්නේ.

ජනවාරි සිට ජුලි මාසය හා සංසන්ධනය කර බැලීමේ දී අගෝස්තු මාසයේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව අවම මට්ටමක පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.

ඒ අනුව ජූලි මාසය තුළ ඩෙංගු රෝගීන් 7,369 දෙනෙකු වාර්තා වී තිබුණද අගෝස්තු මාසයේ මේ දක්වා වාර්තා වී ඇත්තේ, ඩෙංගු රෝගීන් 4,536 දෙනෙකු පමණයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර, එම සංඛ්‍යාව 13,053ක් බව ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 12,963 දෙනෙකු, මහනුවරින් රෝගීන් 4,976 දෙනෙකු සහ කළුතරින් ඩෙංගු රෝගීන් 3,949 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 38ක් වාර්තා වී ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

Onmax DT අධ්‍යක්ෂවරුන්ට අධිකරණයෙන් නියෝගයක්

Onmax DT පිරමීඩ ආයෝජන ක්‍රමයේ මුදල් ආයෝජනය කොට අගතියට පත්වී ඇති තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ වැඩපිළිවෙලක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන...

තනි ආසනයක් තියාගෙන තමයි රනිල් ජනාධිපති වුණේ – රුවන්

කම්කරුවන් සඳහා අනාගතයක් නිර්මාණය කර දුන් එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා පවසනවා. ඔහු...

දකුණට සහ වයඹට නව ආණ්ඩුකාරවරු

ජනාධිපතිවරයා විසින් පළාත් දෙකකට නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් පත් කර තිබෙනවා. ඒ අනුව, දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාත් , වයඹ පළාත් ආණ්ඩුකාරවරයා...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...