27.9 C
Colombo
Sunday, April 28, 2024

බදු ප්‍රතිපත්තිය ගැන ජනාධිපති ගත් තීරණය

- Advertisement -

IMF විස්තීර්ණ මුල්‍ය පහසුකම මඟින් වැටුණු රටක් යළි යථා තත්ත්වයට පත් කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද (22) IMF වාර්තාව පාර්ලිමේන්තුවේදී සභාගත කරමින් මෙම විශේෂ ප්‍රකාශයක් සිදුකළා.

එම පහසුකම හරහා ජාත්‍යන්තරයේ නැවතත් ශ්‍රී ලංකාවට පිළිගැනීමක් හිමිවන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ඒ මහතා සඳහන් කරන්නේ ඉදිරි ගමනේ දී රට තුළ ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් සිදුකළ යුතු බවයි.

ඒ සඳහා ඇතැම් කරුණු පසුගිය අයවැය තුළින් යෝජනා කර මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව පැවසු ජනාධිපතිවරයා අනාගතයේ දී සිදු කිරීමට නියමිත එවැනි ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙම අදහස් පළකලා.

*2025 වනවිට ප්‍රාථමික හිඟය 2.3ක් බවට පත්කර ගැනීම.
*රාජ්‍ය ආදායම 2026 දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක් දක්වා වැඩි කරගැනීම.
*ආංශික බදු සහන නොමැතිව ආදායම් බදු අනුපාතය 30%ක් දක්වා වැඩි කර තිබෙනවා.

*වැට් බදු අනුපාතය 8% – 15% දක්වා වැඩි කිරීමට පියවර ගත්තා.
*වැට් බදු සඳහා ලබාදී ඇති නිදහස් කිරීමේ බද්ද ක්‍රමානුකූලව අඩු කිරීම, වැට් බදු ආපසු ගෙවීම කඩිනම් කිරීම, SVAT ක්‍රමය අහෝසි කිරීමට පියවර.
*2025 දී අවම බදු නිදහස් කිරීම සහිතව දේපළ බදු ක්‍රමය වෙනුවට ධන බද්දක්.

  • තෑගී හා බූදල් බද්දක් හඳුන්වා දේ.

RECENT ARTICLES - SINHALA

නිලධාරි හිඟයෙන් විගණනයත් කොටඋඩ

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව තිබෙන බව වාර්තා වනවා. විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2400ක් සිටිය යුතු තැන දැනට සිටින්නේ 1400ක් බවයි වාර්තා වන්නේ....

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතා ගැන තීරණයක්

රාජ්‍ය විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දීමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ අමාත්‍ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්‍යාපන...

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ලොක්කෙක් නිකුත් කළ ලිපියක් එළියට

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා සහ එම අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය කාලසීමාව තුළ ගෙන්වූ ඖෂධ සම්බන්ධයෙන් වගකීමක් නොදරන බවට ලිපියක් නිකුත් කර ඇති බව...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...