29.1 C
Colombo
Thursday, April 25, 2024

වනිඳු, අසලංක ඇතුළු ජාතික ක්‍රිකට් තරු ක්‍රීඩා කරන රිච්මන්ඩ් චැම්පියන්ස් ලීග් 27දා ඇරඹෙයි

- Advertisement -

රිච්මන්ඩ් විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමය විසින් දෙවැනි වරටත් සංවිධානය කරනු ලබන Richmond Champions League (RCL) විස්සයි20 ක්‍රිකට් තරගාවලිය මෙවරද දෙසැම්බර් 27,28 සහ 29 යන තෙදින තුළ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

පසුගිය වසරේ ඇරඹි මෙම තරඟාවලිය දිවයිනේ පාසලක් විසින් සංවිධානය කෙරෙන පළමු සහ එකම ලීග් තරගාවලිය වීමද විශේෂත්වයක්.

දැනට ජාතික කණ්ඩායම නියෝජනය කරන චරිත් අසලංක, වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස් සහ ධනංජය ලක්ෂාන් යන ක්‍රීඩකයෝ මෙම තරඟාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි.

එමෙන්ම ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කළ තවීෂ අභිෂේක්, සඳුන් මෙන්ඩිස්, දිලුම් සුධීර සහ අම්ෂි ද සිල්වාද මෙම තරඟාවලියට සහභාගි වනවා.

ට්‍රිග්ස්, සැමුවෙල්ස් සහ හාට්ලීස් යන කණ්ඩායම් ත්‍රිත්වය යටතේ රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සහ වත්මන් ක්‍රීඩකයන් තරඟ වදින මෙම තරඟාවලියේදී චරිත් අසලංක ට්‍රිග්ස් කණ්ඩායමටද, වනිඳු හසරංග හාට්ලීස් කණ්ඩායමටද, ජාතික කණ්ඩායමේ දොරට තට්ටු කරමින් සිටින කඩුලු රකින ක්‍රීඩක සිතාර ලියනගේ සැමුවෙල්ස් කණ්ඩායමටද නායකත්වය සපයනවා.

එමෙන්ම මෙම තරඟාවලියට සමගාමීව රිච්මන්ඩ් විද්‍යාලයෙන් බිහි වූ ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් ඇගයීමක්ද දෙසැම්බර් 29 වැනිදා ගාල්ල ලයිට්හවුස් හෝටලයේදී පැවැත්වෙන අතර, ඒ සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ චම්පක රාමනායක, චමිල ගමගේ යන මහත්වරුන් සහ දැනට ජාතික කණ්ඩායම නියෝජනය කරන සුරංග ලක්මාල් සහ ධනංජය ද සිල්වා සහභාගි වීමට නියමිතයි.

පසුගිය වර පැවැති පළමු RCL තරඟාවලියේ ශූරතාව දිනාගැනීමට චරිත් අසලංකගේ ට්‍රිග්ස් කණ්ඩායම සමත් වූ අතර, අනුශූරතාව සිතාර ලියනගේ ගේ සැමුවෙල්ස් කණ්ඩායමට හිමිවුණා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...