33 C
Colombo
Saturday, April 20, 2024

පාලකයා කුඩු කාලා රට වනසනවා – පොහොට්ටු මන්ත්‍රීවරයෙක් කියයි

- Advertisement -

යුද්ධය නිමා කිරීම හැරුණු කොට මෙරටට වැඩිම සේවයක් කළ මන්ත්‍රීවරයා තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

ඒ යූටියුබ් නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින්.

තමාගේ තනි උත්සහය නොවන්නට මෙරටට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයත්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවත්, ලිට්‍රෝ ගෑස් සමාගමත් අහිමි වන්නට තිබූ බවත් ගොවි පවුල් ලක්ෂ 10කට ඉඩම් අහිමිව සිඟා කෑමට සිදුවනු ඇති බවත් ඔහු පවසනවා.

රාජපක්ෂ පවුල් පාලනය විසින් තමාව අක්‍රීය දේශපාලන චරිතයක් බවට පත් කිරීමට උත්සහයක නිරතවන නමුත් එසේ කිරීමට නොහැකි බවත් විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

යහපාලන සමයේදී අර්ජුන් මහේන්ද්‍රන් හට මහබැංකු අධිපති ධූරය ලබාදීම සම්බන්ධවද තමා විරුද්ධ වූ නමුත් තමාගේ විරෝධය නොතකා එය සිදුකිරීම නිසා මහබැංකු කොල්ලය සිදු වූ බවත් හම්බන්තොට වරාය චීනයට දීමටද තමා විරුද්ධ වූ නිසා තමාව නෙරපූ නමුත් විසඳාගත නොහැකි ගැටළු හමුවේ නැවතත් තමාට අමාත්‍යංශ දෙකක් ලබාදුන් බවත් ඔහු පවසනවා.

ඉන්පසුව ඉන්දියාවට සහ ඇමරිකාවට රටේ විවිධ කොටස් ලබාදීමේ සැලැස්ම හමුවේ තමා යහපාලනයෙන් ඉවත්වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්වූ බවයි ඔහු පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

මිලියන 45 ක් නාස්ති කර පාස්කු ගැන තවත් විවාදයක්

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පැවැත්වීමට නියමිත දින තුනක පාර්ලිමේන්තු විවාදය සඳහා රුපියල් මිලියන 45ක්  පමණ වැය වනු ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. මෙය...

ලොරි රථයකට යටවී කාන්තාවක් මරුට

නිට්ටඹුව, වතුපිටිවල ප්‍රදේශයේ‍දී යතුරුපැදියක ගමන් කළ කාන්තාවකගේ අත්බෑගයක් ලොරි රථයක බඳේ පැටලීමෙන් සිදුවු අනතුරකින් එම කාන්තාව මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ, අත්බෑගය ලොරි රථයේ බඳෙහි...

විදුලිය හා ඉන්ධන අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

විදුලිය සැපයීමට හෝ ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන බෙදා හැරීමට සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...