31 C
Colombo
Tuesday, May 14, 2024

වසර 33කට පසු ආරම්භ වූ සිංහල පාසල

- Advertisement -

වසර 33කට පසු මඩකලපු දිස්ත්‍රීක්කයේ එකම සිංහල පාසල අද(27) දිනයේ දී ආරම්භ කරනු ලැබුවා.

තමන්ගේ මව් භාෂාවෙන් ඉගෙන ගැනීමට මඩකලපුවේ වෙසෙන සිංහල ජනතාවට ඇති අයිතිය දිස්ත්‍රික්කයේ එකම සිංහල විද්‍යාලය අරභමින් තවහුරු කල බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවා.

මෙරටේ සංහිදියාව තිබේදැයි විමසන ලෝකයේ ඇතැම් රට වලට ද ආදර්ශයක් ලබා දුන් බව   ආණ්ඩුකාරවරිය ප්‍රකාශ කර සිටියා.

එහිදි වැඩි දුරටත් අදහස් දැක්වමින් කියා සිටියේ

“මේ ඉස්කෝලේ 1990 වසරේ ඉදලා පැවැති යුධමය වාතාවරණය නිසා වහලා දැම්මා. ඒ භුමියේ තිබුනේ අද වෙනකල් හමුදා අනුකණ්ඩයක්. ආරක්ෂක ලේකම්තුමාගේ මාර්ගයෙන් අපි මේ භූමියෙන් ගොඩනැගිලි 02 ක් වෙන් කරවා ගෙන සිංහල මහා විද්‍යාලය යළි ආරම්භ කළා. එය අප ලද විශාල ජයග්‍රහණයක්. රටේ අනෙක් දස්ත්‍රික්ක හැම එකකම වගේ හැම භාෂාවකින්ම ක්‍රියාක්මක වන පාසල් තිබෙනවා.

හැබැයි මඩකලපුව දිස්ත්‍රික්කයට පමණක් අවුරුදු 33 ක් තිස්සේ එකම සිංහල පාසලක් වත් තිබුනෙ නෑ. මේ විද්‍යාලය හදන්න හුගක් මහන්සි වුනේ දමිළ නිළධාරීන්. ඒ අය මේ පාසල නැවත ගොඩ නගන්න විශාල මහන්සියක් ගත්තා. සංහිදියාවට හොදම නිදසුන තමයි මේක. කෝ උඹලගෙ සංහිදියාව කියලා අහන රටවල් වලට මේක හොද ආදර්ශයක්.

යුද්ධය නිසා බලපෑම් ඇති වුනේ සිංහල ජනතාවට පමණක් නෙවෙයි. අනෙක් ජනතාවටත් බලපෑම් ඇති වුණා. මේ භූමි දාලා ගිය සිංහල ජනතාවට යළි ආවත් ඒ ගොල්ලන්ගෙ දරුවන්ට යන්න පාසලක් තිබුනෙ නෑ. අද අපි ඒ සියළු දෙනාට අවස්ථාවක් හදලා දුන්නා” යැයි ආණ්ඩුකාරවරිය වැඩි දුරටත් කියා සිටියාය.

RECENT ARTICLES - SINHALA

නායයෑම් අනතුරු ඇඟවීමක්

ප්‍රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ් අනුව බදුල්ල, මහනුවර, කෑගල්ල, රත්නපුර යන...

බාර් ලයිසන් ගත්ත මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව දෙන්න – සජිත්

මත්පැන් බලපත්‍ර ගත්ත මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (14) රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. විපක්ෂ නායකවරයා මෙලෙස ඉල්ලා සිටියේ, ස්ථාවර...

තොරතුරු සටහන් වෙනස් කළ සැරයන්ලා දෙන්නෙක් අත්අඩංගුවට

මැදවච්චිය, තුලාවේලිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් තොරතුරු සටහන් පොතේ පැවති සටහනක් වෙනස්කර කූඨ ලේඛන සකස් කළ බව කියන පොලිස් සැරයන්වරු දෙදෙනෙක්...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...