28 C
Colombo
Thursday, May 30, 2024
spot_img

ජනාධිපතිතුමාට හැදෙනවා නම් “මැණිකේ මගේ හිතේ” ගීතයත් හොඳයි – නිරෝෂන් පාදුක්ක

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වැරදි නිවැරදි කරගන්නවා නම් මේ දිනවල අතිශය ජනප්‍රිය යොහානි ද සිල්වා මෙනෙවිය ගායනා කරන “මැණිකේ මගේ හිතේ” ගීතයත් ප්‍රමාණවත් බව සමගි ජනබලවේගය පක්ෂයේ සාමාජික නිරෝෂන් පාදුක්ක මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කරන්නේ එම ගීතය මුලින් ගායනා කළේ වෙනත් අයෙකු වුවත් මේ වන විට යොහානි ද සිල්වා මෙනෙවිය ගායනා කරන එම ගීතය ඉන්දියාව පුරාද අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති බවයි.

ඒ අකාරයෙන් කොවිඩ් සම්බන්ධයෙන් ප්‍රතිපත්ති හා තීන්දු ගැනීමේදී ඒවා ජනාධිපතිවරයාගෙම ප්‍රතිපත්ති හා තීන්දු නොවිය යුතු බවත් සර්ව පාක්ෂික සමුළු කැදවා විපක්ෂයේ පක්ෂවල මෙන්ම විද්වතුන්ගේද අදහස් විමසා ක්‍රියාත්මක කරන ලෙසත් ඔහු ඉල්ලා සිටිනවා.

ඉන්පසු එහි සාර්ථකභාවයේ සම්පූර්ණ ලකුණු ජනාධිපතිවරයා ලබාගත්තාට කිසිදු ගැටළුවක් පැන නොනගින බවද නිරෝෂන් පාදුක්ක මහතා පෙන්වා දෙනවා.


RECENT ARTICLES - SINHALA

පාලිතගෙන් සඳුදා විශේෂ ප්‍රකාශයක්

ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුවේ සහ ජනාධිපති ධුර කාලය වසර දෙකකින් දිගු කිරීම සම්බන්ධයෙන් තමා කළ ප්‍රකාශය ගැන ලබන සඳුදා(03)විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව...

සහකාර රේගු අධිකාරීවරයෙකු කොටුවේදී අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ගෙන්වන ලද විදෙස් දුම්වැටි තොගයක් සමග සහකාර රේගු අධිකාරිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ මධ්‍යම දූෂණ අපරාධ කාර්යාංශය විසින් සැකකරු මෙලෙස කොළඹ කොටුව ප්‍රදේශයේදී...

රටබීම හලක කළමනාකරු ඝාතනය කරලා

බිබිල නගරයේ පිහිටි රටබීම අලෙවිසැලක කළමනාකාරවරයකු එහි පහත මාලයේ ඝාතනය කර තිබියදී ඔහුගේ සිරුර අද (30) සොයාගත් බව බිබිල පොලිසිය පවසයි. මෙසේ ඝාතනය කර ඇත්තේ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය මෙන්න

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල අනිද්දා (31) නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජන්ත මහතා පවසනවා. 2023 උසස් පෙළ විභාගය සඳහා...

උසස් පෙළ දරුවන්ට සුබ පණිවිඩයක්

අ.පො.ස. (උසස් පෙළ) සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයයක් ලෙස හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ජනාධිපති අරමුදල...

අනධ්‍යයන කාර්ය මණ්ඩල වෙත අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තිය සමිති දැනට පවත්වාගෙන යන වෘත්තිය ක්‍රියා මාර්ගයෙන් ඉවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලීමක් සිදුකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ වෘත්තිය...