33 C
Colombo
Thursday, March 28, 2024

උත්සව තහනම් කර තිබියදී දෙමළ සන්ධානය සැමරුම් උත්සවයක් පවත්වයි

- Advertisement -

ඉලංගෙයි තමිල්අරුසකච්චි පක්ෂයේ නිර්මාතෘවරයා වන දිවංගත නීතිඥ සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලෙයි සෙල්වනායගම් මහතාගේ 44 වන ගුණසැමරුම් උත්සවය පෙරේදා (26) යාපනයේදී පවත්වා තිබෙනවා.

ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ වත්මන් නායක මාවෙයි සේනාධිරාජා මහතාගේ ප්‍රදානත්වයෙන් මෙම ගුණ සැමරුම් උත්සවය සංවිධානය කර තිබුණේ යාපනයේ පිහිටි සෙල්වනායගම් පිලිරුව අසලදීයි.

එහිදී සෙල්වනායගම් පිළිරුවට මාවෙයි සේනාධිරාජා මහතා අතින් මල්මාලා දැමීම සිදු වූ අතර සෙසු පිරිස් සෙල්වනායගම් පිලිරුව අසලට එක්වී මල්පහන් දැල්වීම සිදුකර තිබෙනවා.

මෙම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම හිටපු මන්ත්‍රීවරුන් සහ හිටපු පළාත්සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද එක්වුණා.

මේ අතර කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකා යාපනය දිස්ත්‍රික්කයේ ඉරුපාලි නැගෙනහිර පිහිටි නාචිමාර් කෝවිලේ පැවැත්වූ තේරු උත්සවය සම්බන්ධයෙන් අදාළ ආගමික උත්සවයේ භාරකාර මණ්ඩලයේ සභාපතිවරයාව සහ ලේකම්වරයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...

අද රන් මිල

පසුගිය දිනවලට සාපේක්ෂව අද (28) දිනයේ රන් මිල තරමක ඉහළ අගයක් ගනු ලැබුවා. ඒ අනුව, කැරට් 22 යි ග්‍රෑම් 8ක මිල ප්‍රමාණය අද සටහන් වූයේ...

ෆෝන් එකට එන කාර්ගිල්ස් පණිවුඩය ගැන නිවේදනයක්

උත්සව සමයේදී ත්‍යාග ලබා දෙන බව පවසමින් Cargills FoodCity ආයතනයේ වෙළඳ නාමය යොදාගෙන සිදු කෙරෙන වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙනවා. ජංගම දුරකථනවලට කෙටි පණිවිඩයක් වශයෙන්...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...