30 C
Colombo
Monday, March 20, 2023

පාර්ලිමේන්තුවේ වාරාවසානයි..!

- Advertisement -

වත්මන් පාර්ලිමේන්තුවේ වාර අවසාන කර තිබෙනවා.

ඒ, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටයි. ඊට අදාල ගැසට් නිවේදනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඊයේ නිකුත් කර තිබෙනවා.

එලෙස පාර්ලිමේන්තුවේ වාර අවසාන කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 70වන ව්‍යාවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි. ඒ අනුව පාර්ලිමේන්තුවේ නව සභාවාරය ආරම්භ වන්නේ අගෝස්තු මස 03වන දින පෙරවරු 10යි 30ටයි.

ඊයේ අවසන් වූයේ 09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයයි. එය 2022 වසරේ ජනවාරි 18 සිට ආරම්භ වුණා. එහි පළවෙනි සැසිවාරය ක්‍රියාත්මක වූයේ 2020 වසරේ අගෝස්තු 20 වනදා සිට 2021 දෙසැම්බර් 12 වනදා දක්වායි. පසුව 2022 වසරේ ජනවාරි 18 සිට ආරම්භවූ 09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ඊයෙන් අවසන් වුණා. ඒ අනුව 2022 අගොස්තු 03 වැනිදා ආරම්භ වන්නේ 09 වන පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරයයි.

පවතින පාර්ලිමේන්තුවක වාර අවසන් කිරීමේදී ඒ වන විට ක්‍රියාත්මක වෙමින් තිබූ පාර්ලිමේන්තු කමිටුවල ක්‍රියාකාරිත්වය ද අවසන් වනවා. කෝප් සහ කෝපා කමිටු ද ඒ අතරට අයත්. ඒ අනුව පාර්ලිමේන්තුව යලි ආරම්භ කිරීමෙන් පසු එම කමිටුවලට නව සාමාජිකයින් පත් කර එහි කටයුතු අලුතින් ආරම්භ කිරීමට නියමිත වනවා.


RECENT ARTICLES - SINHALA

විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයට ඇමති ගෝලයෝ පහරදීලා

දිවුලපිටිය - ගොඩිගොමුව ප්‍රදේශයේදී විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සාමාජීකයින් කිහිපදෙනෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා. විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව එම සංගමය...

වසන්ත මුදලිගේ ෂැන්ග්‍රිලා ගියාද? ඇත්ත මෙන්න

0
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

පොර්ට් සිටියේ සංගීත ප්‍රසංගයකදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කරලා

කොළඹ වරාය නගරයේ පවත්වන ලද සංගීත ප්‍රසංගයට සහභාගී වූ 24 හැවිරිදි තරුණ ව්‍යාපාරිකයකුට පහර දී ඝාතනය කර තිබෙනවා. පොලීසිය...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.