27.9 C
Colombo
Saturday, April 27, 2024

ඥානසාර හිමිගේ ප්‍රකාශයට උලමා සංවිධානයත් පරීක්ෂණයක් ඉල්ලයි

- Advertisement -

පසුගිය සඳුදා දින රූපවාහිනී දේශපාලන වැඩසටහනකදී බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයන්ට අදාලව පරීක්ෂණයක් සිදුකරන ලෙස සමස්ත ලංකා ජමියියතුල් උලමා සභාව ඉල්ලා සිටිනවා.

නිවේදනයක් නිකුත් කරමින් සමස්ත ලංකා ජමියියතුල් උලමා සභාවේ මහලේකම් අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත් මහතා පවසන්නේ ඥානසාර ස්වාමීන් වහන්සේගේ මෙම ප්‍රකාශය පොදු ජනතාව අතර මහත් භීතියක් සහ සංත්‍රාසයක් ඇති කර ඇති බවයි.

එම නිවේදනය පහතින්,

‘පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව මෙන් ත්‍රස්තවාදී ප්‍රහාරයක් මෙරටට නැවත නුදුරු අනාගතයේදීම එල්ල විය හැකි යැයි 2021.09.13 වැනි දින නාලිකාවක විකාශය කෙරුණු  සංවාදාත්මක වැඩසටහනක දී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ විසින් ප්‍රකාශ කර තිබේ. මෙම ප්‍රකාශය පදනම් කරගනිමින් පුවත්පත් වාර්තා ද පළ වී ඇති බව අප නිරීක්ෂණය කළෙමු.

ඥානසාර ස්වාමීන් වහන්සේගේ මෙම ප්‍රකාශය පොදු ජනතාව අතර මහත් භීතියක් සහ සංත්‍රාසයක් ඇති කර තිබේ. කෙසේ වුවද, පාස්කු ඉරුදින ප්‍රහාරය නිසා ඇති වූ ජීවිත විනාශය, ඉන්පසුව මෙරට ජනතාවට ඇති වූ ප්‍රශ්න සහ අභියෝග පිළිබඳව ද අපි හොඳින් දනිමු.

එබැවින්, අදාළ නිලධාරීන් ස්වාමීන් වහන්සේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ සිදුකොට, ජාතික ආරක්ෂාව සහ ජාතීන් අතර සමගිය තහවුරු කිරීම පිණිස අදාළ පියවර ගන්නා ලෙසත්, එම ප්‍රකාශයේ සත්‍ය-අසත්‍ය බව ජනතාවට හෙළිකරන ලෙසත් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

තවද, ඉහත සඳහන් කළ ස්වාමීන් වහන්සේ විසින්  ඉස්ලාමය පිළිබඳ නගා ඇති පදනම් විරහිත චෝදනාවලට අදාල පැහැදිලිකිරීම් හැකි ඉක්මනින් ලබා දීමට කටයුතු කරන බවත් සඳහන් කිරීමට කැමැත්තෙමු.

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්
සමස්ත ලංකා ජමියියතුල් උලමා සභාව


RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...