27 C
Colombo
Saturday, June 10, 2023

සියලුම අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දැමීමට ඉල්ලීම් ලැබෙනවා

- Advertisement -

මෙරටට ආනයනය කරනු ලබන සියලු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ නැංවීම සඳහා ආනයනකරුවන් ඉල්ලීම් සිදුකර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඊයේ (17) ඔරුගොඩවත්ත සතොස ගබඩා සංකීර්ණයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලත් සහන මලු බෙදාහැරීමේ ක්‍රියාවලිය නිරීක්ෂණයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කරන ලදි.

“සියලූම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩි කරන්න ඉල්ලීම් කරලා තියෙනවා. හේතුව තමයි මුළු ලෝකෙම සැපයුම් ජාලය, නිෂ්පාදන ක්‍රියාවලිය අඩාල වෙලා. නැව් ගාස්තු ඉතා විශාල ලෙස වැඩිවෙලා. කන්ටේනර් ගාස්තු 300%කින් වැඩිවෙලා. ලෝකෙම ආහාර නිෂ්පාදන අර්බුදයක් තියෙනවා. ඒ නිසා රජය කරලා තියෙන්නේ අඩු කරන්න පුළුවන් භාණ්ඩවල මිල නිෂ්පාදකයින් සමග සාකච්ඡා කරලා අඩු කරලා තියෙනවා.”

කෙසේ වෙතත්, ලෝක ආර්ථික බලපෑම් හමුවේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ස්ථාවරව පවත්වා ගැනීමට හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

සමස්ත ලෝකයේම සැපයුම් ජාලය සඳහා වන පිරිවැය සියයට 300කින් පමණ වැඩි වී ඇති මෙම අවස්ථාවේ මෙරට ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව හා අවම මිල ගණන් යටතේ පවත්වා ගැනීමට රජය කටයුතු යොදා ඇතැයි ඔහු පවසනවා.

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.