24 C
Colombo
Thursday, March 30, 2023

උතුරේ දූපත් 3ක් චීනයට ලබාදීමේ තීරණයේ වෙනසක් නැහැ

- Advertisement -

චීනය සමඟ ක්‍රියාත්මක කරන ඒකාබද්ධ බලශක්ති ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකාවට අයත් උතුරේ දූපත් 3ක් එරට සමාගම් 3කට ලබාදීමට ගෙන ඇති තීරණයේ වෙනසක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා ප්‍රකාශ කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (16) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි ඔහු මේ බව සඳහන් කළේ.

ඩෙල්ෆ්ට්, අනලතිව් සහ නයිනතිව් යන දූපත් අදාළ ව්‍යාපෘතිය සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබුණේ ජනවාරි මස 18 වන දායි.

මේ අතර, භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාවේ දේශපාලන කටයුතු ආරම්භ කරන බවට එම පක්ෂයේ ප්‍රධානියෙකු කර තිබූ ප්‍රකාශය සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියා.

ඊට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රතිචාරයෙන් පසු රජයේ නිළ ස්ථාවරය ඉදිරිපත් කරන බවයි.

RECENT ARTICLES - SINHALA

මිදිගම වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි හෝටල් හිමිකරු මරුට

0
ඊයේ (29) පස්වරුවේ අහංගම මිදිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමෙන් එහි හිමිකරු මියගොස් තිබෙනවා. වෙඩි වැදීමෙන් තුවාල ලබා...

අර්ජුනට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් අස්වෙන්න කියයි

0
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතාට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස...

කටුනායක ආරක්ෂාව තර කෙරේ – හේතුව මෙන්න

0
කටුනායක ගුවන් තොටුපොළේ ආචාරශීලි මෙන්ම සුහද බව කෙලෙසන සහ විවිධ අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට මෙතෙක් නියම කර තිබුණු රුපියල් 25000 දඩ මුදල ලක්ෂය...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...