30.3 C
Colombo
Friday, April 26, 2024

කබ්රාල් පිරිසිඳු බවට තවත් සහතිකයක්

- Advertisement -

බැඳුම්කර නිකුතුව සහ සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන ක්‍රියාවලිය පිළිබඳ ඉන්දියානු වෝහාරික විගණන සමාගම් දෙකක් විසින් නිකුත් කරන ලද වෝහාරික විගණන වාර්තාවල මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැරැද්දක් කර ඇති බවට කිසිදු සඳහනක් නොමැති බව මහබැකු අධිපතිවරයාගේ මාධ්‍ය ලේකම්වරටා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා.

අදාල නිවේදනය පහතින්,

ශ්‍රී ලංකා බැඳුම්කර නිකුතු සහ සේවක අර්ථසාධක අරමුදල ආයෝජන කටයුතු පිළිබඳව වෝහාර විගණනයන් අවශ්‍ය වූවා නම්, ඒවා සිදු කළ යුතුව තිබුණේ රටේ විගණාධිපති තුමන් විසිනි. එසේ නැත්නම්, විගණාධිපති තුමාගේ පූර්ව අධික්ෂණය යටතේය. එහෙත් එසේ නොකරමින්, වංචා චෝදනා වලට සම්බන්ධ මුදල් මණ්ඩලයේ සාමාජිකයන්ගේ අනුදැනුම ඇතිව සහ වෙනත් සැක මතුකරන නිලධාරිනියකගේ මග පෙන්වීම ඔස්සේ මෙම වෝහාරික විගණන ඉන්දියාවේ ආන්දෝලනයන්ට ලක්ව තිබූ විගණන සමාගම් දෙකක් විසින් ඉතා විශාල අසාමාන්‍ය මිලකට පැවරීම සෑහෙන සැක මතුකරන කරුණකි.

එපමනක් නොව, විගණනය කිරීමෙන් පසුව, සිය වගකීමෙන් ගැලවීම සඳහා එම විගනන වාර්තා පිළිබඳව තමන් කිසිදු වගකීමක් භාර නොගන්නා බවත් වෝහාරික විගණකවරුන් නිශ්චිතවම සඳහන් කොට ඇත. එසේ කිරීමෙන් පිළිබිඹු වන්නේ මෙම වෝහාරික විගණන වල කිසිදු ප්‍රයෝජනයක් අප රටට ලැබී නොමැති බවයි.

බැඳුම්කර නිකුතුවේදී “ඍජු නිකුතු” වලදී (උපකල්පිත “පාදක මිලක්” මත පදනම්ව) රුපියල් බිලියන 10.4ක උපකල්පිත අලාභයක් (hypothetical loss) සිදු වී ඇති බවට බැඳුම්කර නිකුතු විගණනයට භාජනය කළ ඉන්දියානු BDO වෝහාරික විගණන වාර්තාව සඳහන් කර ඇත. නමුත් එම කාලය තුළ, එම පදනමම ඔස්සේ, රුපියල් බිලියන 28.0ක දැවැන්ත උපකල්පිත ලාභයක්ද ලබා ඇති බව සඳහන් කිරීමට ඔවුන් මැළි වී ඇත. මෙයින්ම පැහැදිලි වන්නේ ඔවුන් යම්කිසි රහස් හස්තයක ග්‍රහණයකට අනුව කටයුතු කිරීමට පෙලඹී ඇති බවයි. (වගුව 02)

තවද, ඉහත සඳහන් රුපියල් බිලියන 10.4 ක උපකල්පිත ‘අලාභය’ මුළුමනින්ම පාහේ සේවක අර්ථසාධක අරමුදල (EPF), ජාතික ඉතිරි කිරීමේ බැංකුව (NSB), ලංකා බැංකුව (BOC) සහ මහජන බැංකුව (People’s Bank) යන රජයේ ආයතන වල ‘ලාභය’ ලෙස පිළිබිඹු වී ඇත. එයින් තහවුරු වන්නේ එම ගනුදෙනු හරහා ලාභය ලබා ඇත්තේ පිටස්තර ආයතන වලට වඩා රජයේම ආයතන බවයි. (වගුව 01)

ඒ අතරම, KPMG ඉන්දියානු විගණන ආයතනය විසින් සකස් කරන ලද සේවක අර්ථසාධක අරමුදල (EPF) පිළිබඳ වෝහාරික විගණන වාර්තාවෙන් දක්වා ඇත්තේ කබ්රාල් මහතා අධිපතිධුරය දැරූ සමයේ සේවක අර්ථසාධක අරමුදලේ ආයෝඡනය ක්‍රියාවලිය හරහා රුපියල් බිලියන 9.2 ක උපකල්පිත පාඩුවක් ලබා ඇති බවයි. එහෙත්, ඇත්ත වශයෙන්ම, 2014 දෙසැම්බර් 31 දින වන විට, KPMG ම උපුටා දක්වා ඇති සමාගම් කොටස් 15ක උපලබ්ධි (unrealised) අලාභය, අධිපති කබ්රාල් මහතාගේ පාලන සමයේ රුපියල් බිලියන 3.3 ක් පමණි. ඒ අතරම, එම කොටස් සඳහා රුපියල් බිලියන 5.9 ක උපලබ්ධි අලාභයක් තවදුරටත් සිදුවූයේ ඉන්පසුව පත් වූ මහ බැංකු අධිපතිවරුන් වන මහේන්ද්‍රන් මහතාගේ සහ කුමාරස්වාමි මහතාගේ කාලයන් තුළදීය. (වගුව 03)

ඊට අමතරව, 2014 දෙසැම්බර් 31 දින වන විට, සේවක අර්ථසාධක අරමුදලේ ඉතිරි කොටස් කළඹ සම්බන්ධයෙන් ලබා තිබූ උපලබ්ධි ලාභය රුපියල් බිලියන 17.6 ක් වූ බව වෝහාරික විගණකවරුන් හිතාමතාම සඳහන් කර නොමැත. ඒ අනුව, 2014 දෙසැම්බර් 31 වෙනි දින වන විට EPF ආයෝජන කොටස් කළඹේ උපලබ්ධි අලාභයවූ රුපියල් බිලියන 3.3 වෙනුවෙන් අධිපති කබ්රාල් මහතා වගකිව යුතුයි යන මතය තහවුරු කිරීමට උත්සාහ කරන්නේ නම්, ඒ ආකාරයෙන්ම, රුපියල් බිලියන 17.6 ක උපලබ්ධි ලාභයේ ගෞරවය අධිපති කබ්රාල් මහතා මත පැවරිය යුතුව ඇත. (වගුව 04)

එමෙන්ම, සේවක අර්ථසාධක අරමුදලේ වාර්ෂික වාර්තාවලට අනුව, 2011 සිට 2014 දක්වා වූ වසර 4ක කාලය තුළදී එකී අරමුදල රුපියල් බිලියන 14.6ක ආදායමක් කොටස් කලඹයෙන් උපයාගෙන ඇති අතර, එම කරුණ ද වෝහාරික විගණකවරුන් සඳහන් කිරීමටවත් නොපෙළඹුණේ ඒ හරහා යම් ගෞරවයක් කබ්රාල් මහතාට ලැබේයයි යන කරුණ නිසා විය හැකිය. (වගුව 05)

ඒ සමගම, මහ බැංකු අධිපති කබ්රාල් මහතාගේ ඥාතීන් බොහෝ දෙනෙක් බැංකු සහ මුල්‍ය ආයතන වල අධ්‍යක්ෂකවරුන් ලෙස කටයුතු කරන බවට ඉන්දියානු වෝහාරික විගණන ආයතන දෙකේම වාර්තා වල විස්තරාත්මක ව සඳහන් කොට ඇත. එහෙත් එම සටහන් කිසිවෙක කබ්රාල් මහතා හෝ ඔහුගේ ඥාතීන් කිසිදු වරදක් කර ඇති බවට සටහනක් නම් නොමැත.

කරුණු එසේ වුවද, විවිධ දේශපාලනඥයින් සහ සමහර මාධ්‍ය මෙම ඥාතීන්ගේ නම් ලයිස්තුව පදනම් කරමින්, කබ්රාල් මහතා සහ ඔහුගේ ඥාතීන් යම් වැරදි සහ අක්‍රමිතා වලට සම්බන්ධයයි හුවාදක්වමින් අධිපති කබ්රාල් මහතාගේ කීර්ති නාමය විනාශ කිරීමට විශාල ප්‍රයත්නයක් දරන බව පැහැදිලිය. තවද මේ සියලුම ඥාතීන් කබ්රාල් මහතා අධිපති වීමට පෙරත්, ඒ සමයේදීත්, ඊට පසුවත්, බැංකු ක්ෂේත්රයේ අධ්‍යක්ෂකවරුන් වශයෙන් ක්‍රියා කර ඇත්තේ ඔවුන්ගේම සුදුසුකම් සහ අත්දැකීම් නිසා බවත් පැවසිය යුතුය.

කෙසේ වෙතත්, මෙම වෝහාරික විගණන වාර්තා වලින් පෙනී යන්නේ කබ්රාල් මහතා හෝ ඔහුගේ ඥාතීන් එක් වැරැද්දක් හෝ මුල්‍ය අලාභයක් සිදු කළ ඇති බවට කිසිදු සාක්ෂියක් මෙම වෝහාරික විගණන වලින් අනාවරණය කිරීමට පොහොසත් වී නැති බවයි.

එබැවින් කබ්රාල් මහතාගේ කීර්ති නාමය පලුදු කිරීමට දරන වර්තමාන උත්සාහ වලින් පෙනී යන්නේ මෙම වෝහාරික විගණන වාර්තා හසුරුවමින් යම් දේශපාලන කඳවුරක් වෙනත් වැරදි මතයක් රටට හුවා දක්වන්නට ඉතා කූට උත්සාහයක යෙදී සිටින බවය. ඒ අනුව, මෙම වාර්තා පදනම් කරගනිමින් මහ බැංකු අධිපති කබ්රාල් මහතාට විරුද්ධව චෝදනා එල්ල කරමින්, අර්ජුන මහේන්ද්‍රන් මහතා ඇතුළු බැඳුම්කර වංචාවේ මහා මොළකරුවන් ගැන තිබු අවධානය වෙනත් අතකට යොමු කිරීමට මේ කූට කණ්ඩායම උත්සාහ කරන බවය.

RECENT ARTICLES - SINHALA

අමරවීර ඉරානයට

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉරානයේ ‌ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය...

කොළඹට හෙට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

විරෝධතාවයක් වළක්වන්නැයි පොලීසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් සංවිධානය කළ විරෝධතා රැළියක් වළක්වන ලෙස කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...