30 C
Colombo
Wednesday, May 15, 2024

තවත් නඩුවකින් තිළිණි ප්‍රියමාලි නිදහස්

- Advertisement -

ඉකුත් සමයේ දැඩි ආන්දෝලනයක් ඇති කළ ව්‍යාපාරික කාන්තාවක වන තිළිණි ප්‍රියමාලිව දැඩි අවවාද මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (15) නියෝග කර තිබෙනවා.

ඒ ඇයට එරෙහිව ගොනුකර තිබූ අධිකරණ නියෝග කඩ කිරීම් තුනක් සම්බන්ධයෙන් ගොනුකළ නඩුවක වරද පිළිගැනීමෙන් අනතුරුවයි.

සැකකාර ව්‍යාපාරික කාන්තාවට රුපියල් 1,500ක දඩ මුදලක් නියම කළ මහෙස්ත්‍රාත්වරයා එය නොගාවන්නේ නම් සති දෙකක සිරදඩුවම් ද නියම කිරීමට කටයුතු කළා.

කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වන ව්‍යාපාරිකාවක් වන තිළිණි ප්‍රියමාලිට රන් මාලයක් ගෙන නැවත ලබා නොදුන් බවට වන නඩුකරයක දී තිබු ඇප කොන්දේසියක් කඩ කරමින් දින තුනක් පොලීසියට වාර්තා නොකිරීම මත කොටුව පොලීසිය විසින් අධිකරණයට කරුණූ දැක්වීමෙන් අනතුරුව, ඇය ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබූ අතර, එම නියෝගයෙන් අනතුරුව මෝසමක් ගොනුකරමින් ඇය වෙනුවෙන් පෙනී සිටි නිතිඥ කිංස්ලි හෙට්ටිආරච්චි මහතා ප්‍රමුඛ නිතිඥ මඩුල්ල අධිකරණයෙන් සමාව ගෙන ඇය සිටින බවට කළ දැනුම් දීම මත මහෙස්ත්‍රාත්වරයා ඇය පෙර ඇප මත මුදාහරින ලෙස නියෝග කළා.

ඇය වෙනුවෙන් කරුණු දක්වමින් මුල් උත්තරවාදය ඉල්ලා අස් කරගන්නා බවත් නැවත මෙවැනි වැරදි සිදුනොකිරිමට වග බලාගන්නා බවත් නිතිඥ මඩුල්ල අධිකරණයට දැනුම් දී තිබෙනවා.

අධිකරණ නියෝග ප්‍රකාරව කටයුතු නොකළ දින තුනට අදාළ, වෛද්‍ය වාර්තා ඉදිරිපත් කෙරුණු අතර මේවා හොර වෛද්‍ය වාර්තා බවට මහෙස්ත්‍රාත්වරයා දැනුම් දෙමින් මේවා මත සලකා ඇප නොදෙන බවත් අධිකරණයේ වරද පිළිගෙන සමාව ඇයැදීම මත සැකකාරිය මුදා හරින බවත් දන්වා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව ලබන ජුලි මස 26 යළි කැඳවන ලෙස නියෝග කළා.


RECENT ARTICLES - SINHALA

රවී වෛද්‍යාලංකාරට කෝටියක ශරීර ඇප දෙකක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට අද (15) අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ නිවාස ලබාදෙන...

මියගිය කාන්තාවක් ජීවත් වන බවට ලිපියක් දුන් ග්‍රාම නිලධාරිට වැඩ වරදී

මියගොස් ඇති තැනැත්තියක් ජීවත්ව සිටි බව සදහන් කරමින් ලියවිල්ලක් නිකුත් කිරීමක් සම්බන්ධයෙන් ග්‍රාම නිළධාරීවරයෙක් කළුතර කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...