33 C
Colombo
Thursday, May 2, 2024

තිළිණි ප්‍රියමාලිගේ පෙම්වතෙකු අල්ලයි

- Advertisement -

විවිධ ධනවතුන් සහ දේශපාලකයන් රැසකගෙන් රුපියල් බිලියනයකට අධික මුදලක් වංචා කළ බවට කියන තිළිණි ප්‍රියමාලිගේ පෙම්වතා බව කියන ව්‍යාපාරික හවුල්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (17) දින අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකාරිය සමග එක්ව පුද්ගලයන්ගේ මුදල් වංචා කිරීම සහ මෙම මුදල් වංචාවට ආධාර අනුබල ලබා දීම, සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා.

විදේශ රටවලින් මෙරටට ඉන්ධන ගෙන්වා වැඩි ලාභයක් ලබා දෙන බවට පවසා සැකකාරිය හා සැකකරු තමන් ගෙන් ඕස්ට්‍රෙිලියා ඩොලර් 60,000 ක්, ඇමැරිකානු ඩොලර් ලක්ෂයක්, හා කිලෝ එකකට වැඩි රන් බඩු ප්‍රමාණයක් ලබාගෙන මුදල් වංචා කළ බවට පවසා එම කෝටිපති ව්‍යාපාරිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට පෙර පැමිණිලි කර තිබු බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.

මෙම වංචා සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව මෙම සැකකරු පැමිණි ඇති අතර සිද්ධිය සම්බන්ධයෙවන් පැය 9 අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු පස්වරු 6.30 ට පමණ ඔහු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.

හිටපු ප්‍රබල අමාත්‍යවරයකුගේ ලේකම්වරයකු වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කටයුතු කළ මොහු පසුව තිළිණි ප්‍රියමාලි නැමැත්තිය සමග සමීප සම්බන්ධකම් පවත්වා ඇති අතර, ඇගේ පෙම්වතා වශයෙන් කාලයක් කටයුතු කර ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

මෙම වංචාව සම්බන්ධයෙන් තිළිණි ප්‍රියාමාලි නමැත්තිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තිළිණි ප්‍රියමාලි නැමැත්තිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 19 දින දක්වා රිමාන්ඩ් බාරයට පත්කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

එරික් සෝල්හයිම් යාපනයේ කඬොලාන බලන්න යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශක සහ හිටපු නෝර්වේ විදේශ කටයුතු අමාත්‍ය එරික් සෝල්හයිම් මහතා ඊයේ (01) යාපනය, මණ්ඩතිව් පිහිටි කඩොලාන...

යාපනයේ රෝහලක් අසලින් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

යාපනය - පුන්කුඩිතිව් රෝහල ආසන්නයේ තිබී මිනිස් අස්ථි කොටස් තොගයක් හමුවූ බව උර්කාවතුර පොලිසිය සඳහන් කරනවා. ඒ අනුව එම ස්ථානයේ කැණීම් කටයුතු අද (02) නිල...

විවාදෙට එන්නේ නැත්තේ හරි සැලැස්මක් නැති නිසා – හර්ෂ

මෙරට ආර්ථිකට ගොඩ නැඟීම සඳහා යථාර්තවාදී වැඩපිළිවෙළක් ඇත්තේ සමඟි ජන බලවේගයට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. සමඟි ජන බලවේගයේ මැයි දින...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...