29 C
Colombo
Saturday, July 27, 2024

මේක ඩොලර් අර්බුදයක් නෙවෙයි..! – රතන හිමි

- Advertisement -

රටට අවශ්‍ය ප්‍රඥාසම්පන්න දේශපාලන නායකත්වය බිහිකර ගැනීමට තමන්ට නොහැකි වුණු බවත් එහි වගකීම තමන් භාරගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසනවා.

ඒ, විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් උ.ල. සන්ධානය බිහිකිරීමේ අවස්ථාවට ඊයේ (04) එක්වෙමින්.

“අපේ ප්‍රශ්නය දැන් කියන්නෙ ඩොලර් අර්බුදයක් කියලා. මේක ඩොලර් අර්බුදයක් නෙවෙයි. මේක තනි පවුලක්, තනි පුද්ගලයො හත් අට දෙනෙක් බොල් පිළිමවලට අපි වැඳ වැඳ ඒ වන්දනා කරපු යුගය අපි විසින්ම අද අවසන් කළ යුතුව තිබෙනවා. මේ තරම් දැන උගත් මිනිස්සු ඉන්න රටක, මේ තරම් ශීලාචාර මිනිස්සු ඉන්න රටක, අපට අවශ්‍ය ප්‍රඥාසම්පන්න දේශපාලන නායකත්වය අපට බිහිකරගන්න බැරිවුණා. ඒකට අපි වගකියන්න ඕනෙ. අන්න ඒ වගකීම වෙනුවෙන් තමයි, ඒ වරද හදන්න තමයි අපි අද මේ සභාගය බිහිකළේ”

රට බරපතල අර්බුදයකට තල්ලු කරමින් පසුගිය ගෝඨාභය රාජපක්ෂ රජය විසින් ක්‍රියාත්මක කළ රසායනික පොහොර තහනමට රතන හිමියන් ද මූලික විය.


RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...