31 C
Colombo
Monday, June 17, 2024
spot_img

සික් නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

- Advertisement -

දෙරට අතර විශාල රාජ්‍ය තාන්ත්‍රික මත ගැටුමක් ඇති කළ කැනඩාවේදී සිදු වූ සික් බෙදුම්වාදී නායකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ, කරන් බ්‍රාර් නැමති 22 හැවිරිදි පුද්ගලයෙකු සහ කමල් ප්‍රීත් සිං නැමති 22හැවිරිදි මෙන්ම  28 හැවිරිදි කරන් ප්‍රීත් සිං නැමති සැකකරුවන් තිදෙනෙකු බව විදේස වාර්තා වල සඳහන් වනවා.

ඔවුන් තිදෙනාමට මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

45 හැවිරිදි හර්ඩීප් සිං නිජ්ජාර් පසුගිය ජුනි මාසයේදී නාඳුනන තුවක්කුකරුවන් විසින් කැනඩාවේදී වෙඩි තබා ඝාතනය කර තිබුණා.

කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ඉන්දීය රජය මෙම ඝාතනයට සම්බන්ධ බවට චෝදනා කිරීමත් සමඟ ඉන්දීයාව එය ප්‍රති‍ක්ශේප කළ අතර පසුව මෙය රාජ්‍ය තාන්ත්‍රික මත ගැටුමක් දක්වා වර්ධනය වුණා.

RECENT ARTICLES - SINHALA

බඳින තුවක්කුව පත්තුවී මුරකරු මරුට

මන්නාරම, සිලාවතුර, පරප්පකණ්ඩාල් හි කජු සංස්ථාවට අයත් ගොවිපොළේ මුරකරුවකු එහි රාජකාරී කරමින් සිටියදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් මියගොස් අ‍ැතැයි සිලාවතුර පොලිසිය පවසනවා. රාජකාරී කරන අතරතුර කැළෑව...

නෙළුම් කුළුණ කොළ පාට වෙයි

කොළඹ නෙළුම් කුලුනෙහි පාට වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද (17) රාත්‍රියේ දී එය කොළ සහ සුදු වර්ණවලින් විචිත්‍රවත් වනු ඇති බවයි වාර්තා...

අපි අගමැති තනතුර කාටවත් දෙන්න කැමති නැහැ-එස්.එම් චන්ද්‍රසේන

ඉදිරියේ පත් වන ආණ්ඩුවේ අගමැතිවරයා පත් කිරීම අනිවාර්යෙන්ම පොහොට්ටුවෙන් සිදු වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා...

POPULAR ARTICLES

එළවලු මිලෙහි වෙනසක්

පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ අද (15) ඇතැම් එළවලු තොග මිල ගණන් සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. මාළු මිරිස් කිලෝවක් මිල රුපියල් 450ක් වන අතර, කැරට් කිලෝවක්...

සංවර්ධන නිලධාරීන්ට දැනුම්දීමක්

සංවර්ධන නිලධාරී සේවයේ I, II සහ 111 ශ්‍රේණි වල කඩඉම් විභාග පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දක්වා...

ණය ගැන කොහොමද සතුටු වෙන්නේ ?- රෝහිත අබේගුණවර්ධන

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන්නේද ණය නිසා ණය ලැබීම ගැන සතුටු විය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවා. මේ...