32 C
Colombo
Monday, April 29, 2024

ශ්‍රී ලංකා කණ්ඩායමට නව නායකයින් තිදෙනෙක්?

- Advertisement -

උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුව ශ්‍රී ලංකා ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් තුන සඳහා නව නායකයන් පත්කිරීමට තීරණය කර තිබෙනවා.

ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ, දිමුත් කරුණාරත්න විසින් දැරූ ටෙස්ට් නායකත්වය ධනංජය ද සිල්වාටත්, එක්දින නායකත්වය කුසල් මෙන්ඩිස්ටත්, විස්සයි විස්ස නායකත්වය වනිඳු හසරංගටත් ලබාදීමට තේරීම් කමිටුවේ අවධානය යොමුවී ඇති බවයි.

ඒ අනුව, ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වාට සහ උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට ලබාදීමට නව තේරීම් කමිටුව තීරණය කර ඇති බව සඳහන්.

එමෙන්ම ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නිත්‍ය නායකත්වය කුසල් මෙන්ඩිස්ට පැවරීමට ද නව තේරීම් කමිටුව තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

එහි උප නායකත්වයට චරිත් අසලංක පත් කිරීමට නියමිතයි.

නව තේරීම් කමිටුවේ තීරණයට අනුව විස්සයි විස්ස නායකත්වය වනිඳු හසරංගට හිමිවන අතර එහි උප නායකත්වයටද චරිත් අසංලක පත්වනු ඇති.

උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව ලබන සඳුඳා යළි රැස්වීමට නියමිතයි.

එහිදී ජනවාරි මස ආරම්භවන ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිත අතර නායකත්වය පිළිබඳවත් අවසන් තීරණය එදිනට ගනු ඇතැයිද වාර්තා වෙනවා.

RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...