32 C
Colombo
Monday, April 29, 2024

ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාවේ මෞලි මංගල්‍යය අදයි

- Advertisement -

ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය නැතහොත් FIFA ලෝක කුසලානය අද (20) කටාර් රාජ්‍යයේ දී ආරම්භ වෙනවා.

මෙවර පන්දු ලෝක කුසලානය විශේෂයි. ඒ මැදපෙරදි රාජ්‍යය පැවැත්වෙන පළමු ලෝක කුසලාන පන්දු තරඟාවලිය ඊට හේතුවයි.

ලෝක කුසලාන පන්දු තරඟාවලියේ සත්කාරකත්වය කටාර් රාජ්‍යයට මෙවර ලැබෙන්නේ විශාල අභියෝග රැසක් මැද්දේ.

බොහෝ දෙනා එහිදී පෙන්වා දුන්නේ මිලියන 3ක් වත් ජනගහනයක් නොමැති රටකට ලොව විශාලතම ආකර්ෂණය සහිත තරඟාවලිය පැවැත්වීමට හැකියාවක් නොමැති බවයි.

නමුත් ඒ සියලු මත බිඳ හෙලමින් මෙවර ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය සාර්ථකව පවත්වන්න කටාර් රාජ්‍යය මේවන විට සුදානමින් පසුවනවා.

මෙවර ලෝක කුසලාන පන්දු තරඟාවලිය ක්‍රීඩාංගණ 8ක් යොදා ගැනීමට නියමිත අතර ඉන් අලුතින් ගොඩනැගූ ක්‍රීඩාංගණ 7ක් ඇතුළත්.

මෙම ක්‍රීඩාංගණ සියල්ලේ උෂ්ණත්වය පාලනය කිරීමට සහ වාතාශ්‍රය පිරිසිදුව තබා ගැනීමට වායු සමීකරණ යන්ත්‍ර සවි කර ඇති බවද වාර්තා වනවා.

26000 සෘජු සේවක පිරිසක් තරඟාවලිය වෙනුවෙන් සේවය කරන අතර විවධ රටවලින් තෝරාගත් ස්වේච්ඡා සේවකයන් රැසක් ද තරඟාවලිය සඳහා සේවය ලබාදීමට සුදානම් වනවා.

ලෝක කුසලාන තරඟාවලිය නැරඹීම සඳහා ලොව පුරා මිලියන 1.2ක ප්‍රේක්ෂක පිරිසක් කටාර් රාජ්‍යය වෙත පැමිණේ යැයි එරට බලධාරීන් අනුමාන කරනවා.

එම ප්‍රේක්ෂක පිරිස කටාර් රාජ්‍ය වෙත පැමිණීමට ගුවන් යානා 500ක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස පැමිණෙන ප්‍රේක්ෂක පිරිසට කටාර් රාජ්‍යයේ නවාතැන් ගැනීමට හෝටල් පහසුකම් නොමැති වීම හේතුවෙන් අසළ පිහිටි සෞදි අරාබිය, ඕමානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයවල නවාතැන් පහසුකම් මේවන විටත් පහසුකම් සපයා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තරඟාවලිය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන් වෙත කටාර් රාජ්‍යය විසින් බස් 4000ක් යොදවා ඇති අතර ඉන් විදුලි බලයෙන් ධාවනය වන වාහන 700ක් ඇතුළත් වනවා.

තරඟ නැරඹීම සඳහා ක්‍රීඩාංගණවලට දෛනිකව 50000ක ප්‍රේක්ෂක පිරිසක් පැමිණේ යැයි තරඟ සංවිධායකයන් අනුමාන කරනවා.

කණ්ඩායම් 32ක් සහභාගී වන මෙවර තරඟාවලියට සහභාගී වීමට නියමිතයි.

ලෝක කුසලාන තරඟාවලිය වෙනුවෙන් ලක්ෂයකට අධික ආරක්ෂක නිලධාරීන් යොදවා තිබෙනවා.

ඊට අමතරව රටවල් 7කින් ආරක්ෂක සාමාජිකයින් මේවන විටත් ගෙන්වා ගැනීමට කටාර් රාජ්‍යය වෙත ගෙන්වා ගෙන ඇති බවයි වාර්තා වන්නේ,

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පාකිස්ථානයේ හමුදා සාමාජිකයන් මෙවර තරඟාවලියේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබෙනවා.

තවද කටාර් හි රාජ්‍ය ආරක්ෂක අංශයේ 35000ක නිලධාරීන් මෙන්ම පෞද්ගලික අංශයේ 17000ක ආරක්ෂක නිලධාරීන් තරඟාවලියේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

වසර 92ක ඉතිහාසයකට දිවයන පාපන්දු ලෝක කුසලානයේ වැඩිම ශුරතා ගණන බ්‍රසීලය දිනාගැනීමට සමත්ව තිබෙනවා.

ඔවුන් ලෝක කුසලාන ශුරතාව පස් වතාවක් දිනාගෙන ඇති අතර ජර්මනිය සහ ඉතාලිය ලෝක ශුරතාව සිව් වතාවක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...