30 C
Colombo
Thursday, June 8, 2023

කොවිඩ් දත්ත වෙනස් කරන්නේ ඉහළ හමුදා නිලදාරියෙක්..! – ජානිපෙන් හෙළිදරව්වක්

- Advertisement -

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන හා කොවිඩ් මරණ සම්බන්ධ දත්ත වෙනස් කිරීමක් සිදු වන බව අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා.

මීට මැදිහත් වී ඇත්තේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ඉහළම වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉහළම නිලධාරියෙකු විසින් බවයි ඊයේ (13) ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයෙහි පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කළේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“මෙතන ඉතාම සැලසුම් සහගතව දත්ත වෙනස් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව. දැන් මං එද්දි විශේෂ තොරතුරක් මට ලැබුණා. මේකෙ තියෙනවා 11 වෙනිදා රටේ කරපු සමස්ත PCR පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණ. මේ PCR පරීක්ෂණ වලින් 11 වෙනිදා පොසිටිව් වෙලා තියෙනවා 4175ක්. ඒ වගේම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් 1239ක් පොසිටිව් වෙලා තියෙනවා. එතකොට මේ තොරතුරු එකතු කරපුවාම 11 වෙනිදා විතරක් 5414ක් පොසිටිව් වෙලා තියෙනවා.

එතකොට මේකෙන් හරි පැහැදිලියි මේ දත්ත වෙනස් කිරීමේ යම්කිසි උත්සාහයක් වැඩපිළිවෙලක් යම් කණ්ඩායමක් විසින් කරගෙන යනවා කියන එක. ඉතාම පැහැදිලිව මේ වැරදි තොරතුරු දීම සඳහා වසංගත රෝග විද්‍යා ඒකකයේ ඉහළම විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක් මේ දත්ත වෙනස් කිරීමේ ක්‍රියාවලට සම්බන්ධයි කියලා තොරතුරු වාර්තා වෙලා තියෙනවා.

ඒ වගේම, ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉහළම නිලධාරියෙකුත් එකතුවෙලා තමයි මේ තොරතුරු වෙනස් කිරීම කරන්නෙ. අපි යුධ හමුදාපතිතුමාටත් කියනවා ඕනෙ නම් කවුද මේ ඉහළ නිලධාරියා කියලා හොයලා බලන්න පුළුවන්. ජනාධිපතිතුමාට මේ දත්ත ඉදිරිපත් වෙන්නෙ වැරදි විදියට නම් ඒ තීරණ ගන්න වෙන්නෙත් දත්තවලට සාපේක්ෂව”

RECENT ARTICLES - SINHALA

ඉන්ධන හල් 255ක් ඇමති කාංචන තීරණයක් ගනී

ගෙවී ගිය සතියේ දී සිපෙට්කෝ ඉන්ධන හල් 255ක් අවශ්‍ය අවම තොග හෝ පවත්වාගෙන ගොස් නොමැති බව හෙළිව තිබෙනවා. මේ...

යුරියා පොහොර මිල ගැන කෘෂිකර්ම ඇමති තීරණයක් ගනී

රුපියල් 9000ක මිලකට ගොවීන්ට යුරියා ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ...

පුත්තලමේ කපුටන් රැසක් මියගිහින්

පුත්තලම නගරයේ වාන පාර වැව අසල කපුටන් රැසක් ඊයේ (07) උදෑසන සිට මිය යමින් සිටින බව වාර්තා වනවා. පුත්තලම...

RECENT ARTICLES - ENGLISH

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.

Businessman arrested for abducting mother of three and holding her captive for 6 months

0
A businessman, who is believed to have abducted a 29-year-old mother of three children and held her captive, was apprehended by the...