28 C
Colombo
Saturday, July 27, 2024

Breaking: වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂකවරයාට ස්ථාන මාරුවක්

- Advertisement -

වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා හට හදිසි ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා.

ඒ අනුව සුදත් සමරවීර මහතා ඩෙංගු ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ වැඩබලන අධ්‍යක්ෂකවරයා ලෙස ලෙස වෛද්‍ය සමිත ගිනිගේ මහතා පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

කොවිඩ් පාලනයේදී වසංගත රෝග විද්‍යා ඒකකය ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවස්ථා කිහිපයකදීම ජනධිපතිවරයාට මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයට කරුණු දක්වා තිබුණා.

මේ හේතුවෙන් පසුගිය දින කිහිපයේදී සුදත් සමරවීර මහතා කිසිදු ප්‍රවෘත්ති සාකච්ඡාවකටද සහභාගී වූයේ නැහැ.

මේ අතර ඊයේ (18) රැස්වූ කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු අධ්‍යක්ෂවරයාව විවේචනය කළා.

ඔහු පැවසුවේ අදාළ අධ්‍යක්ෂවරයා කොවිඩ් සම්බන්ද දත්ත නොමැති බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පලකරන බවයි.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවද පාදෙණිය මහතා ජනාධිපතිවරයා ඉදිරියේ සඳහන් කළා.


RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...