28 C
Colombo
Sunday, May 5, 2024

උසස් පොලිස් නිලධාරින්ට ස්ථාන මාරු

- Advertisement -

ජාතික පොලිස් කොමිසමේ නිර්දේශ පරිදි පොලිස් නිලධාරීන් 19 දෙනෙකුට උසස්වීම්, නව තනතුරුවලට පත් කිරීම් සහ ස්ථාන මාරුවීම් සිදුකර තිබෙනවා.

මෙලෙස උසස්වීම්, නව තනතුරු සහ ස්ථාන මාරුවීම් ලද පිරිස අතර කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියන් දෙදෙනෙකු ද වනවා.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යු.පී.ඒ.ඩී.කේ.පී. කරුණානායක රත්නපුර දිසාවේ සිට ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

නියෝජ්‍ය පොලිස්පති ඩී.පී. චන්ද්‍රසිරි ක්‍ෂේත්‍ර බලකා මූලස්ථාන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, නියෝජ්‍ය පොලිස්පති ජී.අයි.ඩී.ආර්. විජේසිංහ ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානය වෙතත් මාරුකර තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති ඩී.වී.පී. අජිත් හේසිරි බඳවාගැනීම් හා පුහුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට විශේෂ ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, නියෝජ්‍ය පොලිස්පති ඒ.එස්.පී.සී. වෙදමුල්ල නාවික හා සංචාරක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරු කර තිබුණා.

වැඩබලන නියෝජ්‍ය පොලිස්පති එච්.සමුද්‍රජීව, බස්නාහිර පළාත් ප්‍රජා පොලිස් පරිසර ආරක්ෂණ සහ මහජන සාමය කළමනාකරණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට නාවික හා සංචාරක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්කර තිබෙනවා.

අගමැති ආරක්ෂක කොට්ඨාසයේ කටයුතු කළ වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.එස්.පී. ද සිල්වා අගමැති ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආර්.ඒ.ඩී. කුමාරි පොලිස් මූලස්ථානයේ සිට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස පත් කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

එමෙන්ම කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනි පී.ජී.ජේ.එම්. ආරියසේන විභාග කොට්ඨාසයේ සිට පොලිස්පති ලේකම් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස පත් කර තිබෙනවා.

ඊට අමතරව වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හත්දෙනෙකු, පොලිස් අධිකාරිවරයෙකු සහ සහකාර පොලිස් අධිකාරිවරයෙකුට උසස්වීම්, නව තනතුරුවලට පත් කිරීම් සහ ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...