27.9 C
Colombo
Tuesday, April 30, 2024

කම්හල් විසිදාහක් කම්කරු අංශයට පොලු තියලා

- Advertisement -

දිවයින පුරා කර්මාන්තශාලා විසි දාහකට වැඩි සංඛ්‍යාවක් කම්කරු දෙපාර්තමේන්තුවට ලියාපදිංචි ගාස්තු ගෙවීම පැහැර හැර තිබෙන බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වනවා.

දිස්ත්‍රික් කර්මාන්තශාලා ඉංජිනේරු කාර්යාලයේ පවත්වාගෙන ගිය ගොනු 32948කින් 2022 වර්ෂය අවසාන වනවිට නව නීති අනුව ලියාපදිංචිවු සංඛ්‍යාව 3153ක් බවද එම වාර්තාවේ සඳහන්.

මෙම ගණනය කිරීම කර ඇත්තේ කර්මාන්ත ශාලාවක අවම ලියාපදිංචි ගාස්තුව රුපියල් දහසක් ලෙස ගණනය කරමින් බවයි වාර්තා වන්නේ.

සාමාන්‍යයෙන් කර්මාන්තශාලා අයිතිකරුවන් 2019 සැප්තැම්බර් 27 දිනැති අංක 2142/90 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ විවිධානවලට අනුකූලව ලියාපදිංචි විය යුතු බව පැවසෙනවා.

මේ අතර කර්මාන්තශාලා ආඥා පනතේ විධිවිධානවලට අනුව කටයුතු නොකිරීම හේතුවෙන් නඩු පැවරීමට 2010- 2018 කාල සීමාවේදී ගොනු පනස් දෙකක් ලැබී තිබූ නමුත් ඉන් නඩු පවරා තිබුණේ ගොනු එකොළහකට පමණක් බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...