27.4 C
Colombo
Wednesday, June 7, 2023

පුරවැසියන්ට එරෙහි හිංසා මෙහෙයවීමේ චෝදනා මත චීන ජාතිකයන් දෙදෙනකුට කොංගෝවේ දී නඩු

- Advertisement -

කොංගෝ රාජ්‍යයේදී සිය ආරක්ෂාවට සිටි එම රටේ හමුදා සාමාජිකයන් දෙදෙනෙකු ලවා එරට සාමාන්‍ය වැසියන් පිරිසකට පහරදී හිංසනය මුදා හැරී⁣මේ චෝදනාව මත චීන ජාතිකයන් දෙදෙනෙකුට නඩු පැවරීමට කොංගෝ බලධාරීන් කටයුතු කොට තිබේ.

මෙම චීන ජාතිකයන් දෙදෙනා කොංගෝවේ පතල් කැණිමේ ව්‍යාපෘතියක් මෙහෙයවන අතර ඔවුන්ගේ සහ පතලේ ආරක්ෂාවට කොංගෝ රජය හමුදා සෙබලුන් ලබාදී තිබී ඇත.

පතලට නීති විරෝධී කැණීම් සදහා පැමිණි පිරිසක් අල්ලා ගැනීමෙන් අනතුරුව ඔවුන්ට පහරදී හිංසා කොට අමානුෂික ලෙස සැලකීම සදහා මෙම චීන ජාතිකයන් දෙදෙනා සිය ආරක්ෂාවට සිටි කොං⁣ගෝ හමුදා සාමාජිකයන් පොළඹවා තිබේ.

මේ සිද්ධියේ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවීමත් සමග එම චීන ජාතිකයන්ට මෙන්ම අප්‍රිකාවේ ව්‍යාපෘතිවල නිරතව සිටින සියලුම චීන ජාතිකයන්ට එරෙහිව දැඩි මහජන විරෝධයක් නිර්මාණය විය.

කොංගෝ රජය මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගන්නා බවටද දැඩි ලෙස චෝදනා නැගිණ.

මේ සමගම කොංගෝ බලධාරීහු මීට සම්බන්ධ වූ සිය රටේ හමුදා සාමාජිකයන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර අදාළ සිද්ධිය මෙහෙයවූ චීන ජාතිකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කරමින් සිටිති.

RECENT ARTICLES - SINHALA

යකඩ මිල ගණන් සීඝ්‍රයෙන් පහළට

යකඩවල මිල ගණන් 50%කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයනකරුවෝ පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ ආරම්භයේ දී...

මැති ඇමති නොවන පිරිසකට ආරක්ෂකයන් 5400ක් දීලා

ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට අමතරව වෙනත් පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂකයන් 5400ක් ලබාදී ඇතැයි තොරතුරු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද(06)...

ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් අඩුවෙයි

ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට ගොඩබෑමේ ගාස්තු වසරක් දක්වා සියයට 50 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි වරාය නාවික සහ ගුවන්...

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...