27.8 C
Colombo
Thursday, April 25, 2024

සූරියවැව මාරාන්තික උපවාසයේ සිටි ගොවීන් දෙදෙනෙකු රෝහල්ගත කරයි

- Advertisement -

සූරියවැව මාරාන්තික උපවාසයේ නිරතව සිටි ගොවීන් දෙදෙනෙකු සූරියවැව මූලික රෝහලට ඇතුළත් කර ඇත.
ආහාර හෝ දියර කිසිවක් ලබානොගනිමින් මෙම ගොවීන් උපවාසයේ නිරතව සිටින අතර, අදාළ ගොවීන් දෙදෙනාගේ රුධිරයේ සීනි මට්ටම බරපතළ ලෙස අඩුවීම නිසා මෙසේ රෝහල්ගත කර තිබේ.
ඔවුන් දෙදෙනා වෙනුවට තවත් ගොවීන් දෙදෙනෙකු උපවාසයට වාඩි වීම අද (22) දහවල් සිදු විය.
හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් සූරියවැව අලි කළමනාකරණ රක්ෂිතය වහාම ගැසට් කරන ලෙසත්, රක්ෂිතයට අදාළ භූමිය බලහත්කාරයෙන් පවරාගෙන සිටින දේශපාලනඥයන්ගේ හිතවතුන් ඉවත් කරන ලෙසත් බලකරමින් සූරියවැව, වල්සපුගල වැව් කණ්ඩිය මත මේ මාරාන්තික උපවාසය පවත්වනු ලබයි.
ආණ්ඩුව පාර්ශ්වයෙන් මේ ගැටළුවට විසඳුම් ලබාදීම සදහා ලබන 28 දක්වා කල් ඉල්ලා තිබේ.
ඒ අතර ආණ්ඩුවට හිතවත් පාර්ශ්ව පැමිණ උපවාසය කඩාකප්පල් කිරීමට උත්සාහ දරන බව සූරියවැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ නියෝජිතයෙක් පැවසීය.

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...