30 C
Colombo
Monday, May 29, 2023

බැසිල්ට – උදයංගට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක්

- Advertisement -

කොවිඩ් 19 වෛරසය රට පුරා සීග්‍රයෙන් පැතිරීමට ආර්ථික සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ සහ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග සෘජුව වගකිවයුතු බවට චෝදනා කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබේ.

2020 ඔක්තෝබර් 15 සිට යුක්‍රේනයෙන් සංචාරකයන් ගෙන්වීම ඇතුළු ක්‍රියාකාරිත්වයන් මේ පැතිරීම් වේගවත් වීමට සෘජුව හේතු වූ බවත්, එම නිසා අදාළ අත්තනෝමතික ක්‍රියාකාරිත්වය මගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට නියෝගයක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා ඇත.

නාරාහේන්පිට ධර්මායතන විහාරාධිපති උලපනේ සුමංගල හිමියන් සහ මහා පරිමාණ වංචා සහ දූෂණ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පත්කළ කොමිෂන් සභාවේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා විසින් මේ පෙත්සම් ගොනුකර තිබේ.

මේ පෙත්සම්වල පළමු වගඋත්තරකරු ලෙස බැසිල් රාජපක්ෂ නම්කර ඇති අතර, දෙවැනි වගඋත්තරකරු ලෙස උදයංග වීරතුංග නම් කර තිබේ.

මීට අමතරව පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ද මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

RECENT ARTICLES - SINHALA

ආගමික සංහිඳියාව රකින්න විශේෂ පොලිස් ඒකකයක්

ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳ සොයා බලා ක්‍රියාත්මක වීමට විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම් දීමක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේදී සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකි බව...

මහියංගනය පුදබිම රනිල් පූජා භූමියක් කරලා

ඓතිහාසික මහියංගන පූජාභුමියේ විල්ලු‍වපිටිය වැව මධ්‍යයේ අභිනවයෙන් ඉඳිකළ අඩි 102 පමණ උසින් යුත් ශ්‍රීලංකාවේ විශාලතම බුද්ධ ප්‍රතිමාවහන්සේ විවෘතකිරීම ඊයේ (28) ජනාධිපති රනිල්...

RECENT ARTICLES - ENGLISH

Special Police unit to protect religious harmony

0
President Ranil Wickremesinghe has directed Minister of Public Security, Tiran Alles, to promptly initiate the formation of a specialized police unit to...

Rajangane Saddharathana Thera arrested

0
Ven. Rajangane Saddharathana Thera who is with a significant presence on social media, has been arrested by Anuradhapura Police.

Nathasha Edirisooriya arrested by CID

0
Nathasha Edirisooriya who made some controversial statements at a stand up comedy event held recently was arrested by the CID at Bandaranaike...