පානදුර කේතුමති රෝහලේ වාට්ටු දෙකක් තාවකාලිකව වසා දමා ඇත.
අටළුගම ප්‍රදේශයෙන් පැමිණි ගැබිණි මව්වරුන් දෙදෙනකු දරු ප්‍රසූතිය සඳහා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරඅව සිදු කළ පීසීආර් පරීක්ෂණවලින් ඔවුන්ට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් අනතුරුව එම රෝහලේ අංක 3 සහ 4 යන වාට්ටු මෙසේ වසා දමා ඇත.
අදාල මව්වරුන්ව මේ වන විට මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කර ඇති අතර කේතුමති රෝහලේ එම වාට්ටුවල ප්‍රතිකාර ලැබු රෝගීන් සහ කාර්ය මණ්ඩලය එම වාට්ටුතුලම නිරෝධායනයට යොමු කර ඇත.