28.9 C
Colombo
Thursday, March 27, 2025

උද්දික ප්‍රේමරත්නගේ රථය රස පරීක්ෂක හමුවට

- Advertisement -

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන් ම ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන උද්දික ප්‍රේමරත්නට අයත් පසුගියදා වෙඩි ප්‍රහාරයට ලක් වූ මෝටර් රථය රජයේ රස පරීක්ෂකවරයාගේ පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

ඒ, එම රථයට වෙඩි වැදුණු ආකාරය පිළිබඳ තහවුරු කර ගැනීම සඳහායි.

ඒ අනුව රජයේ රස පරීක්ෂකවරයා අනුරාධපුරයට ගොස් මන්ත්‍රීවරයාගේ වෙඩි වැදුණු මොටෝරිය පරීක්ෂාවට ලක්කර අතර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී නොමැති අතර රහස් පොලිස් ආරංචි මාර්ග පවසන්නේ මීටරයක් පමණ දුරකින් සිට තුවක්කුකරු මන්ත්‍රීවරයාගේ රථයට වෙඩි තබා ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරිවරයෙකුගෙන් සමන්විත අට දෙනෙකුගෙන් යුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරි කණ්ඩායමක් අනුරාධපුරයට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් සිකුරාදා වනතුරු වෙඩි තැබීම සිදුකළ පුද්ගලයෙකු ගැන තොරතුරක් අනාවරණය නෙවු අතර මෙම වෙඩි ප්‍රහාරය මොටෝරියකින් පැමිණි පුද්ගලයෙකු එල්ල කළ බවට සැකයක් පැවතුණ ද එවන් රථයක තොරතුරක් සිකුරාදා වනතුරු රහස් පොලිසිය විසින් සොයාගෙන නොතිබු බව සඳහන්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ සහ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර යන නිලධාරීන්ගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරිවරයෙකුගෙන් සැදුම් ලත් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වනු ඇති.

RECENT ARTICLES - SINHALA

චාමර සම්පත් අල්ලස් කොමිසමට

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින්මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බවට වාර්තා වනවා. ඌව පළාත්...

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට හොරු පැනලා

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට අද (27) අලුයම සොරෙක් පැන තිබෙනවා. එම නඩු භාණ්ඩ කාමරයේ ජනේලය විවෘත කිරීම සඳහා ඔහු උත්සාහ කර ඇති...

ඩෙංගු අවදානම යළි ඉහළට

දිස්ත්‍රික්ක 8ක අද (27) සිට දින 3ක්, විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මදුරු ඝනත්වය ඉහළ අගයක පවතින කොළඹ,...

POPULAR ARTICLES