31 C
Colombo
Wednesday, March 29, 2023

කොවිඩ් නව වෛරස් ප්‍රභේදය මෙරටින් හමුවේ

- Advertisement -

එංගලන්තයේ නව කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරටට පැමිණ සිටි පුද්ගලයෙකු තුළින් හඳුනාගෙන ඇති බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ , විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

විදේශ රටවල සිට පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් විශේෂ අවදානය යොමු කරමින් සිදුකෙරුණු පරීක්ෂණවලදී අදාළ පුද්ගලයා හඳුනාගත් බව ඒ මහතා වැඩිදුරටත් පවසයි.

“ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් අපේ රට තුළින් හඳුනාගන්නා කොවිඩ් -19 ආසාදිතයින්ගේ වෛරසයේ ප්‍රභේදය කුමක්ද යන්න පිළිබඳව දිගින් දිගටම අධ්‍යනය කරනවා. ඒ අනුව මෑතකදී විදේශවල සිට පැමිණි අය විශේෂයෙන්ම අපි අවධානය යොමු කර ඔවුන්ගේ ජාන සංයුතිය හඳුනාගැනීමට කටයුතු කරමින් සිටිනවා. මේ අවස්ථාවේ එංගලන්තයේ සිට පැමිණි එක් අයෙකුගේ වෛරසය එංගලන්ත නව ප්‍රභේදය බවට හඳුනාගෙන තිබෙනවා. අපි දැන් දන්නවා මේ අවදානම අපේ රට තුළට තිබෙනවා. ඒ නිසා විදේශ රටවල සිට පැමිණෙන අය ගැන විශේෂ අවදානය යොමුකළ යුතුයි. මේ තුළින් පරණ වෛරස් ප්‍රභේදයට සාපේක්ෂව රෝග උත්සන්නවීම් අඩු වුවත් රෝගය වේගයෙන් පැතිරෙන්න පුළුවන් නිසා රෝගීවන රෝගීන් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඊට සමානුපාතිකව රෝගය උත්සන්න වන ප්‍රමාණයත් රෝගයෙන් මියයන ප්‍රමාණයත් වැඩි වෙන්න පුළුවන්.”

RECENT ARTICLES - SINHALA

විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනයට රජය තීරණය කරයි

ඉදිරියේදී අවසර හිමිවන සෑම අවස්ථාවකම මෙරටට විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනය කිරීමට රජය තීන්දුවක් ගෙන ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර...

BREAKING – බස් ගාස්තු අඩු වෙන්නේ මෙහෙමයි

0
බස් ගාස්තු හෙට (30) මධ්‍යම රාත්‍රියෙන් අඩු කෙරෙන බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ...

ටෙලිකොම් එක විකුණගන්න අවුරුද්දක්වත් යනවා – ෆිච් රේටින්ස්

0
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජය සතු 49.5%ක කොටස් අලෙවි කිරීම සඳහා පමණක් වසරක කාලයක් ගත වනු ඇති බව ෆිච් රේටින්ස් ආයතනය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...