24 C
Colombo
Thursday, March 30, 2023

නිරෝධායන නීතියක් නැති යුක්‍රේන සංචාරක සෙල්ලම

- Advertisement -

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාගේ සෘජු මැදිහත්වීමෙන් මෙරට වැටී ඇති සංචාරක ව්‍යාපාරය යළි පණදීමේ අරමුණයැයි පවසමින් ක්‍රියාත්මක නව සංචාරක ආකර්ශන වැඩපිළිවෙල යටතේ කොවිඩ් අර්බුදය මධ්‍යයේ මෙරටට යුක්‍රේන සංචාරකයින් ගෙන්වීමේ වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මකව පවතිනවා.
ඊට අනුව පසුගිය දෙසැම්බර් 28 වැනිදා යුක්‍රේන සංචාරකයින් 185 ක් රැගත් යානයක් මත්තල ගුවන්තොටුපලට පැමිණි අතර තවත් මගීන් 204 ක් රැගත් යානයක් දෙසැම්බර් 29 වනදා මත්තල ගුවන්තොටුපල වෙත පැමිණියා.
එම සංචාරකයන් පිළිගැනීමට උදයංග වීරතුංග මහතා පෞද්ගලිකවම මත්තල ගුවන්තොටුපලට පැමිණ සිටියා.
අදාල සංචාරකයින් PCR පරීක්ෂණවලට යොමුකිරීමෙන් අනතුරුව ඉන් 06 දෙනෙක් කොවිඩ් 19 ආසාදිතයින් බවට හදුනාගැනුනා.
මේ අතර යුක්‍රේනයේ සිට ඊයේ (02) දිනයේ තවත් සංචාරකයින් 173 දෙනෙක් දිවයිනට පැමිණියා.
කෙසේ වෙතත් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව දිවයිනට පැමිණෙන සියලුම අයවලුන් දින 14 ක කාලයක් නිරෝධායනය කල යුතු වුවද මෙම සංචාරකයින් හට එය අනිවාර්ය වී නැහැ. ඒ අනුව ඔවුන් දිවයිනට පැමිණ දින පහක් ගතවූ ඊයේ දිනයේ අදාල සංචාරකයින්ගෙන් පිරිසක් යාල වනෝද්‍යානය නැරඹීමටත් මිරිස්ස මුහුදේ තල්මසුන් නැරඹීමටත් ගොස් තිබෙනවා.
එම සංචාරයට යුක්‍රේනයෙන් සංචාරකයින් ගෙන ඒමේ වැඩසටහනට මූලිකත්වය ගෙන ක්‍රියාකල උදයංග වීරතුංග මහතාද සහභාගීවී සිටියා.
මේ පිළිබදව සිදුකල විමසීමකදී සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ යුක්‍රේන සංචාරකයින්ගෙන් පිරිසකට කොවිඩ් 19 ආසාදනය වී තිබුනද ඉන් අනෙකුත් සංචාරකයින්ට බලපෑමක් සිදු නොවන බවයි.
එමෙන්ම මෙම සංචාරකයින් සමාජයේ ගැටීමක් සිදු නොවන බැවින් ඔවුන් දින 14 ක කාලයක් නිරෝධායනය නොවී සංචාරය කිරීමට අවස්ථාව ලබාදී ඇතැයිද සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරනවා.

මේ අතර සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ යුක්‍රේන සංචාරකයින් සම්බන්දයෙන් කටයුතු කිරීමේදී උදයංග වීරතුංග මහතා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය සමග පැමිණ එකඟතා උල්ලංඝණය කරමින් කටයුතු කර ඇති බවයි.
එනම් මෙරටට පැමිණෙන සංචාරකයින් සම්බන්දයෙන් සම්පූර්ණ වගකීම දැරිය යුත්තේ සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය වුවත් යුක්‍රේන සංචාරකයින් සම්බන්දයෙන් මේ වන විට තීරණ ගනිමින් සිටින්නේ උදයංග වීරතුංග මහතා වන බවය.
සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ කිසිදු තනතුරක් හෝ නොදරන ඔහු මේ ආකාරයෙන් ක්‍රියාකරමින් සිටීම හේතුවෙන් එම මණ්ඩලයද අපහසුතාවට පත්ව තිබෙනවා.
ඊයේ (02) දිනයේ යුක්‍රේන සංචාරකයින් යාල හා මිරිස්ස ප්‍රදේශවල සංචාරය කර ඇතත් එයද සංචාරක මණෟඩලය දැනුවත් කර නොමැති බවද අදාල වාර්තාවේ සදහන්.
තවද යුක්‍රේන සංචාරකයින් වෙනුවෙන් නවාතැන් ගැනීමට සූදානම් කර ඇති හෝටල් කාමරවල මිල ගණන් අසාමාන්‍ය ලෙස පහත දමා ඇති බව වාර්තා වනවා.
වේල් තුන කෑම බීම සහිතව කාමරයක දිනක ගාස්තුව ඇමරිකානු ඩොලර් 250 ක අගයක් ගත් හෝටල් කාමර ඇමරිකානු ඩොලර් 100 දක්වා අඩු කර තිබීමද විශේෂත්වයක්.
කෙසේ වෙතත් විදෙස්ගත ශ්‍රමිකයන් ලෙස සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් පසුගිය කාලය පුරාවටම මැසිවිලි නැගූයේ ඇවන්ට්ගාඩ් සමාගම හරහා තමන්ව මෙරටට ගෙන්වා ඔවුන්ට අනිවාර්යයෙන් නවාතැන් ගැනීමට යැයි පවසන හෝටල් කාමරවල මිල ගණන් කිසිදු අයුරකින් තමන් හට ගෙවාගත නොහැකි අසාධාරණ මිල ගණන් අය කරන බවයි.


RECENT ARTICLES - SINHALA

ක්‍රිප්ටෝ කරන්සි ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

0
ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ...

ONMAX DT අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

අමෙරිකානු ඩොලර් කෝටි 10ක පිරමීඩාකාර මූල්‍ය වංචාවක් සිදුකළ බව කියන පුද්ගලික(ONMAX DT) ආයතනයේ අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොලඹ මහේස්ත්‍රාත්...

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...