26 C
Colombo
Monday, April 29, 2024

චීන සංචාරය මිෂෙල් බැචලේටත් වළ කපයි

- Advertisement -

මෑතකාලීන චීන සංචාරය පිළිබඳ මතභේදය මධ්‍යයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ වත්මන් ධූර කාලයෙන් පසු තවත් වාරයක් ඉල්ලා නොසිටීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

චීන සංචාරයේදී ෂින්ජියැන්ග් පළාතේ චීනය විසින් සිදුකරනු ලබන බව කියන මානව අයිතීන් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මිචෙල් බැචලේගේ ප්‍රතිචාරය විවේචනය කිරීමෙන් පසුව ඇය මේ තීරණය ගෙන ඇති බව පැවසේ.

කෙසේවෙතත් ට්විටර් පණිවුඩයක් මගින් බැචලේ කියා සිටියේ පුද්ගලික හේතූන් මත ඇය දෙවන වාරය අපේක්ෂා නොකරන බවයි.

තමා දෙවන ධූර කාලයක් අපේක්ෂා නොකරන බවත් ආපසු චිලී වෙත ගොස් පවුලේ අය සමඟ සිටීමට කාලය එළඹ ඇති බවත් ඇය පවසා තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්ගේ දින 6 ක චීන සංචාරයෙන් පසු සුළු ජාතීන්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනීසිටීමට ඇය අපොහොසත් වූ බවට චෝදනා එල්ල වූ අතර මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් 230 ක් ඒ බව සදහන් කර තිබිණ.

ඔවුන් එහිදී ඉල්ලා සිටියේ එක්සත් ජාතීන්ගේ අයිතිවාසිකම් ප්‍රධානියා වහාම සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...