25.8 C
Colombo
Tuesday, May 14, 2024

සටන් විරාමයක⁣ට යන්නැයි ඇෆ්ගනිස්තානයේ සටන්කරුවන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක්

- Advertisement -

එළ⁣ඹ ඇති ඊද් උත්සව සමය පදනම් කරගෙන සටන් විරාමයක⁣ට එළඹෙන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇෆ්ගනිස්තානයේ සටන් වදින සියලු පාර්ශවවලින් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇෆ්ගනිස්තාන කාර්යාලය පෙන්වා දී ඇත්තේ දැනට පවතින ගැටුම් හේතුවෙන් මහා පරිමාණයෙන් සිදුවන මානව හිමිකම් උල්ලංඝනයවීම සම්බන්ධයෙන් තමන්ගේ දැඩි අවධානයක් යොමුව ඇති බවයි.

ඝාතන, අමානුෂික සහ වෙනස් කොට සැලකීම් ආදී සිදුවීම් වාර්තා වීම විශාල ලෙස ඉහළ ගොස් ඇති බව එම කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

මෙය සාමාන්‍ය ජනතාව තුළ බිය සහ අනාරක්ෂිතභාවය වර්ධනය කර ඇති බවත් මේ සම්බන්ධයෙන් සටන්වැදී සිටින සියලු පාර්ශව වගකිව යුතු බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි.

මෙහිදී කාන්තාවන්, ළමුන් වැනි ආන්තික කණ්ඩායම් දැඩි පීඩාවට පත්ව සිටින බවත් මෙම තත්වය වැළැක්වීම සදහාවන විසදුමක් ලෙස කඩිනම් සටන් විරාමයක⁣ට ⁣යොමුවන ලෙසත් එම සංවිධානය වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇෆ්ගනිස්තානය පුරා රජයේ හමුදා සහ තලේබාන් සංවිධානය අතර සිදුවන ගැටුම් දිනෙන් දිනම උග්‍ර තත්වයට හැරෙමින් ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

වීසා ගැටලුව ගැන සාකච්ඡාවට නිළධාරීන් ගිහින් නැහැ

මෙරටට පැමිණෙන විදේශිකයන් සඳහා ඔන්ලයින් වීසා නිකුත්කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාව සඳහා පෙර දැනුම්දී තිබියදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද...

රජයේ දේපළකට අයුතු ලෙස ඇතුළු වු 14දෙනා රිමාන්ඩ්

රජයේ දේපොළකට අයුතු ලෙස ඇතුළු වූයේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කරන ලද සැකකරුවන් 14 දෙනෙකු ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාරගත...

වෙසක් සැරසිලිවලට ප්ලාස්ටික් තහනම්

එළඹෙන වෙසක් සමයේ සිදු කරන විවිධාකාර සැරසිලි සඳහා ප්ලාස්ටික් භාවිතා නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වෙළඳපොළ නිරීක්ෂණය කරන විට පොලිතින් ප්ලාස්ටික් වලින්...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

ගෝඨාට පැනලා යන්න උදව් කළේ ජනතාවගේම හොඳට – මොහොමඩ් නෂීඩ්

පසුගිය අරගලය සමයේ මහජන විරෝධය මැද රටින් පළා ගිය එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ බිරිඳට මාලදිවයින් රාජ්‍ය තුළ තාවකාලික රැකවරණය සැපයීමට තමා කටයුතු...