31 C
Colombo
Tuesday, March 19, 2024

සියලුම වී ගොවීන්ට යූරියා පොහොර..!

- Advertisement -

මෙවර වී වගා කළ සියලුම ගොවීන්ට යූරියා පොහොර ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ, ඉන්දීය යුරියා පොහොර ලැබීමෙන් අනතුරුව එ්වා දිවයින පුරා බෙදා හැරීමේ කටයුතු සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දීයි

වී වගා කළ සියලුම ගොවීන් වෙත ඉන්දීය රජය ලබාදෙන යූරියා පොහොර ලබාදීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් මත වී වගා කළ ගොවීන් යම් දුෂ්කරතාවකට පත්වුවහොත් අදාළ ගොවීන්ට උපකාර කිරීම රජයේ වගකීමක් බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කර තිබෙනවා.

එබැවින්, ගොවීන්ට අවශ්‍ය නම් පොහොර ලබාදීමේ හැකියාව සොයා බලන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති අතර, මේ වන විටත් එම අස්වැන්න නෙළා අවසන් වී ඇති බවයි අමාත්‍යංශය පවසන්නේ.

ඉන්දීය රජය මගින් ලබාදෙන යූරියා පොහොර හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 100 බැගින් බෙදා හැරීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රේගුව අකුරට වැඩ

රේගු නිලධාරීන් අද (19) උදෑසන සිට අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. මේ අතර, පසුගිය සිකුරාදා ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන්...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරන ක්‍රමයේ වෙනසක්

2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ පරමාර්ථ සපුරාලීම සහ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් මුළුමනින්ම සාක්ෂාත් කර ගැනීම පිණිස දැනට පවතින මැතිවරණ ක්‍රමය වෙනස්...

යල කන්නය සඳහා ගොවීන්ට මුදල් සහනාධාර

2024 යල කන්නය සඳහා වී ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව එක් ගොවියෙකුට වගා කරන උපරිම හෙක්ටයාර 2ක් වෙනුවෙන් හෙක්ටයාරයකට...

POPULAR ARTICLES

ඩොලරය තවදුරටත් පහළට

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (18) දිනයේ ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, අද දිනයේ මහජන බැංකුවට...

ඩොලරය තවදුරටත් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (15) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 300.60ක් ලෙසත්...

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරඟය මෙතනින් නරඹන්න (වීඩියෝ)

සංචාරක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (18) මේ වන විට පැවැත්වෙනවා. තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය මේ වනවිට...