28.9 C
Colombo
Saturday, April 27, 2024

ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් පිටව යයි

- Advertisement -

වසර 20කට පසු ඇමෙරිකානු හමුදා ඊයේ (30) ඇෆ්ගනිස්තානයෙන් නික්ම ගියේ ය.

මීට වසර 20කට පෙර 2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඇමෙරිකා එක්සත් ජනපදය ත්‍රස්තවාදයට එරෙහිව යුද ප්‍රකාශ කළ අතර තලේබාන් සංවිධානය අල්කයිඩාවට සහාය දෙන බව ට චෝදනා කරමින් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කරමින් තලේබාන් සංවිධානය සමඟ යුද වැදුණි.

ඇෆ්ගනිස්තානය තලේබාන් ග්‍රහණයෙන් මුදා ගත් ඇමෙරිකාව, ඔවුන්ගේ මැදිහත්වීමෙන් ආණ්ඩුවක් පිහිටුවීය.

එතැන් පටන් මේ දක්වා ඇෆ්ගන් රජයේ හමුදා එක්වෙමින් ඇමෙරිකානු හමුදා ඇතුළු බටහිර හමුදා තලේබාන් සංවිධානය සමඟ යුද වැදුණු ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරුන් බැරැක් ඔබාමා, ඩොනල්ඩ් ට්‍රම්ප් යන දෙදෙනාම ඇෆ්ගනිස්තානයෙන් හමුදා ඉවත් කරගන්නා බව ප්‍රකාශ කර තිබිණි.

එනමුත් ඔවුන්ගේ පාලන කාල තුළ එම ක්‍රියාවලිය අවසන් නොවිණි.

ජෝ බයිඩන් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේ මේ වසරේ දී ය.

ඉකුත් මැයි මාසයේ දී ඇමෙරිකානු හමුදා සම්පූර්ණයෙන්ම ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කරගන්නා බව ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේ ය.

ඒ අනුව අගෝස්තු 31 වැනිදා වනවිට එම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අවසන් කරන බව ද හෙතෙම කීය.

කෙසේ නමුත් මුලින් ප්‍රකාශ කළ දිනට, දිනක් කලියෙන් සිය හමුදා ඉවත් කරගැනීමට ඇමෙරිකාව කටයුතු කළේය.

ඇෆ්ගනිස්තානයෙන් පිට වූ අවසන් ඇමෙරිකානු සොල්දාදුවා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපද හමුදාවේ මේජර් ජෙනරාල් ක්‍රිස් ඩොනහියු ය.

අවසන් පැය 24 දී 1,200කට ආසන්න පිරිසක් ඇෆ්ගනිස්තානයෙන් මුදාගත් බව ඇමෙරිකානු බලධාරීහු ඊයේ (30) පැවැසූහ.

කෙසේ නමුත් ඇමෙරිකාවට යා හැකි හෝ එවැනි වීසා ඇති පුද්ගලයන් හෝ ඇමෙරිකාවට යෑමට සුදුසුකම් ලැබූ පුද්ගලයන් 100,000ක් හෝ ඊට වැඩි පිරිසක් තවමත් ඇෆ්ගනිස්තානයේ රැඳී සිටින බව ද පැවසේ.

ඇෆ්ගනිස්තානයෙන් පිටව යෑමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට නියමිත ක්‍රමවේදය අනුව අගෝස්තු 31 වැනිදායින් පසුව රටින් පිටව යා හැකි යැයි තලේබාන් සංවිධානය ප්‍රකාශ කර ඇත.

කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්ව පවතින බව ද වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

හරක් කටා අධිකරණයෙන් තවත් සහන ඉල්ලලා

මේ දිනවල දැඩි රස්නයක් පවතින නිසා තමා රඳවා සිටින කුටියේ සිටීමට අපහසු බැවින් තමාට විදුලි පංකාවක් ලබාදෙන්නැයි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරමකරුවකු වන නඳුන් චින්තක නොහොත්...

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...