28.9 C
Colombo
Friday, April 26, 2024

ප්‍රවීන රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් අභාවප්‍රාප්ත වෙයි

- Advertisement -

මෙරට සිටි අතිදක්ෂ ප්‍රවීන රංගන ශිල්පීයෙකු වන දර්ශන් ධර්මරාජ් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 41 ක්.

අද උදෑසන ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගත කර ඇති අතර පසුව දර්ශන් මහතා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

දර්ශන් ධර්මරාජ් මහතා සිඩ්නි චන්ද්‍රසේකර මහතාගේ A9 ටෙලි නාට්‍යය හරහා පළමුව රූපවාහිනියට පිවිසෙන අතර 2008 වසරේ තිරගත වූ ප්‍රභාකරන් චිත්‍රපටයෙන් සිය සිනමා ජීවිතය ආරම්භ කළා.

ද්‍රවිඩ ජාතිකයෙකු වූ දර්ශන් ධර්මරාජ් මහතා සිය පළමු ටෙලි නාට්‍ය සදහා රංගනයෙන් දායකවන විට සිංහල භාෂාව හැසිරවීමට කිසිදු දැනුමක් නොතිබුණද මාස 03 ක් වැනි කෙටි කාලයක් තුළ ඔහු සිංහල භාෂාව ඉතා හොඳින් ඉගෙන ගනු ලැබූවා.

මචං, ඉරහඳ යට, ඉනිඅවන්, මාතා, ඇඩ්‍රස් නෑ, ස්පන්දන, ආලෝකෝ උදපාදි, දැවෙන විහඟුන්, සුනාමි වැනි චිත්‍රපට රැසක රංගනයෙන් දායක වූ ඔහු ඉනි අවන් චිත්‍රපටය වෙනුවෙන් 2012 වසරේ හොඳම නලුවා සම්මාන කිහිපයකින්ම පිදුම් ලැබුවා.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...