26 C
Colombo
Monday, April 29, 2024

ප්‍රවීණ රංගන ශිල්පිනි රම්‍යා වනිගසේකර අභාවප්‍රාප්ත වෙයි

- Advertisement -

රවීණ රංගන ශිල්පිනියක්, මාධ්‍යවේදිනියක් සහ හිටපු ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක් වන රම්‍යා වනිගසේකර මහත්මිය අද (08) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලා ක්ෂේත්‍රයේ විවිධ මං ඔස්සේ සිය ප්‍රතිභාව විදහා දැක් වූ රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රාප්ත වන විට 73 වන වියේ පසු වුණා.

ඇය ගුවන්විදුලියේ A ශ්‍රේණියේ නූර්ති ගී ගායිකාවක් වන අතර, රංජිත් ධර්මකීර්තිගේ ‘හස්තිරාජ මහත්මයා’ වේදිකා නාට්‍ය තුළින් රංගන ශිල්පිනියක ලෙස කලා ලොවට පිවිසි රම්‍යා, සඳ කිඳුරි, මූදු පුත්තු, හිරු නැති ලොව, සිරිසඟබෝ ඇතුළු නාට්‍ය ගණනාවකට දායක වුණා.

1978 දී ආර්.ආර්. සමරකෝන්ගේ ‘කැලණි පාලම’ නාට්‍යයේ ප්‍රධාන භූමිකාව වන මැටිල්ඩාගේ චරිතය සඳහා ඇය තෝරාගැනීම, ඇගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වුණා.

ධම්ම ජාගොඩගේ ‘පළිඟු මැණිකේ’ හරහා ආරම්භ වූ ඇගේ රූපවාහිනී ගමන් මඟ ද සුවිශේෂී එකක් වන අතර, එදා මෙදාතුර ටෙලි නිර්මාණ රුසකට දායක වූ රම්‍යා, සම්මාන රැසකට ද පාත්‍ර වී තිබුණා.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...