27.2 C
Colombo
Sunday, April 28, 2024

දයාසිරිට දෙපැත්තෙන්ම තනතුරු

- Advertisement -

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කරනු ලැබූ දයාසිරි ජයසේකර මහතාට ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයක් ලබා දීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් යෝජනා කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඔහු නැවත පක්ෂය සමඟ සම්බන්ධ වන්නේ නම් පක්ෂයේ සභාපති ධුරය ලේකම් ධුරය හෝ ජාතික සංවිධායක ධුරය හැර වෙනත් තනතුරක් ලබා දිය හැකි බව පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ඔහුට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයක් ලබා දීම සුදුසු බවට යෝජනා කර ඇති බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් 6 දෙනකු සිටින අතර දයාසිරි ජයසේකර මහතා එම තනතුර භාර ගතහොත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ගණන හතක් බවට පත්වීමට නියමිතයි.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කරනු ලැබූ දයාසිරි ජයසේකර සමඟි ජන බලවේගයේ ආසන සංවිධායකවරයෙකු ලෙස පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග අනුව පුවත් පළ වී තිබුණා.

ඒ අනුව සමඟි ජන බලවේගයේ පඬුවස්නුවර ආසන සංවිධායක ධුරය දයාසිරි ජයසේකර වෙත ලබා දීමට කටයුතු සූදානම් කරමින් සිටින අතර එම ආසනයේ සංවිධායකවරයාව සිටි තුෂාර ඉඳුනිල් අමරසේන මහතා වාරියපොළ සංවිධායක ලෙස මාරු කර ඇති බවත් තහවුරු වී තිබෙනවා.

පසුගිය සතියේ තුෂාර ඉඳුනිල් වාරියපොළ ආසන සංවිධායක ලෙස වැඩ භාර ගෙන තිබුණා.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තනතුරෙන් ඉවත් කිරීම ඇතුළුව සිදු වූ අකටයුතු කම් හේතුවෙන් දයාසිරි ජයසේකර මහතා සමඟි ජන බලවේගය සමඟ එක්විය හැකි බවටද ආරංචි පැතිරී තිබෙනවා.

කෙසේවෙතත්, දයාසිරි ජයසේකර මහතා පවුලේ අය සමඟ මේ වන විට විදේශගත වී සිටින අතර ඔහු යළි මෙරටට පැමිණෙන දිනයක් පිළිබඳවද මෙතෙක් නිශ්චිතව දැනුම් දී නොමැති බවයි වාර්තා වෙන්නේ.

RECENT ARTICLES - SINHALA

නිලධාරි හිඟයෙන් විගණනයත් කොටඋඩ

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව තිබෙන බව වාර්තා වනවා. විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2400ක් සිටිය යුතු තැන දැනට සිටින්නේ 1400ක් බවයි වාර්තා වන්නේ....

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතා ගැන තීරණයක්

රාජ්‍ය විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දීමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ අමාත්‍ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්‍යාපන...

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ලොක්කෙක් නිකුත් කළ ලිපියක් එළියට

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා සහ එම අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය කාලසීමාව තුළ ගෙන්වූ ඖෂධ සම්බන්ධයෙන් වගකීමක් නොදරන බවට ලිපියක් නිකුත් කර ඇති බව...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...