මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් රෝහල්ගත කර ඇති තුවාලකරුවන්ගේ සංඛ්‍යාව 71 දක්වා ඉහළ ගොස් ඇත.
මෙම රැඳවියන්ගෙන් බහුතරයක් දෙනා අසාධ්‍ය තත්වයේ පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් තවත් තුවාලකරුවන් බන්ධනාගාරය තුළ සිටිය හැකි බවත් අදාල රැඳවියන්ව රෝහල වෙත ගෙන එන්නේ විටින් විට බවත් වාර්තා වේ.
නොවැම්බර් 29 වන දින රාත්‍රියේදී මහර බන්ධනාගාරයේ රැඳවියන් සහ බන්ධනාගාර නිලදෘරීන් සමඟ ගැටුමක් ඇති වු අතර ගැටුම හේතුවෙන් මේ දක්වා පුද්ගලයන් 08 දෙනෙකු මියගොස් ඇත.
අදාල ගැටුම අතරතුර බන්ධනාගාරයේ ලේඛන කාමරය කඩා තිබුණු අතර එහි ගින්නක්ද ඇති වී තිබුණි. එම ගින්න නිවීම සදහා ගිනි නිවන රථ 06 ක් යොදාවා තිබුණු අතර මේ වනවිට එම ගින්න මැඩපැවැත්වීමට සමත්ව තිබෙනවා.
කෙසේ වෙතත් බන්ධනගාරය තුළ රඳවා සිටි රැඳවියන් පිරිසක් අද දහවල් බන්ධනාගාර බස් රථවලින් වෙනත් ස්ථානයට රැගෙන ගොස් ඇත.
සබැදී පුවත්
- අරගල බිමේ තරුණයෝ ඉල්ලන්නේ මේක නෙවෙයි..!
- අද පෙට්‍රල් පෝලිම්වල ඉන්න එපා..! – Ceypetco
- අද පාර්ලිමේන්තු කැන්ටිමේ කන්න තිබුණේ බතලයි, රතු අලයි – පොහොට්ටු මන්ත්‍රී
- ඔයා ලැජ්ජාවක් නැති අගමැති කෙනෙක් – එම්.ඒ.සුමන්තිරන්
- කුප්‍රකට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්