29 C
Colombo
Saturday, July 27, 2024

විශාඛා විදුහල්පතිනිය එළවා දැමූ සාහිත්‍ය ගුරුවරයාට වෙනත් පාසලක්

- Advertisement -

කොළඹ විශාඛා විදුහලේ විදුහල්පතිනී සඳමාලි අවිරුප්පොළ විසින් ප්‍රතික්ෂේප කරන ලද උසස් පෙළ ගුරුවරයාට වෙනත් පාසලක් ලබා දීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා අරුණ පුවත්පතට පවසා ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණයක් ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව විශාඛා විදුහල්පතිනිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවත් පෙරේරා මහතා පවසා ඇත.

විශාඛා විදුහලේ සිංහල භාෂාව හා සාහිත්‍ය ගුරුවරුන්ගේ අතිරික්තයක් පවතින බව විදුහල්පතිනිය දැනුම් දී ඇති බවත් ඒ මහතා පවසා ඇත.

මිලාගිරිය සාන්ත පාවුළු බාලිකාවේ දස වසරකට අධික කාලයක් සේවය කර ඇති මෙම ගුරුවරයා කොළඹ විශාඛා විදුහලට ස්ථාන මාරු කිරීමට ගුරුමාරු මණ්ඩලය ගත් තීරණය අනුමත කළ නොහැකි බවත් අදාල සිද්ධීය පිළීබඳව අතිරේක ලේකම්වරියක පාසලට යවා එහි තත්ත්වය පිළිබඳ වාර්තාවක් ලබා ගත් බවත් ඒ මහතා පවසා ඇත.

උසස් පෙළ සිංහල භාෂාව හා සාහිත්‍ය ගුරුවරුන් අතිරික්ත බව විදුහල්පතිනිය අමාත්‍යාංශයට දැනුම් දී ඇතත් මිලාගිරිය සාන්ත පාවුළු බාලිකාවේ සිට ස්ථාන මාරු ලද ගුරුවරයා පාසලට ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණේ සිසුවියන්ට උසස් පෙළ සිංහල භාෂාව ඉගැන්වීම සඳහා පිරිමි ගුරුවරයකු සුදුසු නොවන බව සඳහන් කරමිනි.

සබැදි පුවත්

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...