27 C
Colombo
Monday, April 29, 2024

අපි විදේශ ගිවිසුම් වලට විරුද්ධ නෑ – විමල්ගේ පක්යෙන් අමුතු එළියක් (වීඩියෝ)

- Advertisement -

ජාතික නිදහස් පෙරමුණ විදේශ රටවල් සමඟ ඇති කරගන්නා ගිවිසුම් කිසිවකට විරුද්ධ නොවන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසනවා.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක් වෙමින් ඔහු සඳහන් කරන්නේ ශ්‍රී ලංකා රජයන් අදාළ ගිවිසුම් වලට එළඹීම සඳහා යොදාගන්නා ක්‍රමවේදය තුළ බරපතල ගැටළු රැසක් පැවතීම හේතුවෙන් තම පක්ෂය ඇතැම් ගිවිසුම් වලට එරෙහිව කටයුතු කරන බවයි.

අදාළ ගිවිසුම් සම්බන්ධයෙන් බේරුම්කරණය සහ සමාලෝචනය කිරීමේදී ශ්‍රී ලංකා රජය පාර්ශවයෙන් නිසි වැඩපිළිවෙලක් නොමැති බවත් මේ හේතුවෙන් බොහෝ අවස්ථාවන්වලදී ශ්‍රී ලංකාවට අවාසි දායක තත්වයන් මතුවන බවත් ඔහු සඳහන් කරනවා.

පක්ෂයක් ලෙස නොබැඳි විදේශ ප්‍රතිපත්තියකට අනුව ක්‍රියාකිරීමට තම අරමුණ බවත් ඔහු සඳහන් කර ඇති අතර කිසිදු රටකට හෝ සමාගමකට තම පක්ෂය විරුද්ධ නොවන බවද මුසම්මිල් මහතා පෙන්වා දෙනවා.

මෙම සාකච්ඡාවේදී මීට වසර කිහිපයකට පෙර ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් සිදුකළ google සමාගම ඇතුළු අමෙරිකානු සන්නාම වර්ජනය කළ යුතු බවට වූ ප්‍රකාශය පිළිබඳව ද ප්‍රශ්න කර තිබෙනවා.

එහිදී සංවාදය උණුසුම් වූ ආකාරයද දැකිය හැකි වුණා.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

EPF ගැන රජය හදිසියේම ගත් තීරණය

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 9 සිට සියයට 13 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...