29 C
Colombo
Friday, May 3, 2024

බොරු කියන්න ඕනෙ නෑ, අපිට විසඳුම් නෑ – බන්දුල

- Advertisement -

අසත්‍යය පවසා දේශපාලන වශයෙන් ‘හාල්පාරුවෙක්’ වීමට තමන්ට නොහැකි බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ, ඊයේ (11) දින වෙළඳ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

එමෙන්ම, වෙළඳපොලේ පවතින කිරිපිටි හිඟය සම්බන්ධයෙන් ආණ්ඩුවට කිසිදු විසඳුමක් නොමැති බවයි ඔහු පවසන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

“උත්සව සමයේ සිට මේ වසර අවසන් වන තෙක් පොදු ජනතාව භාවිත කරන හාල් වර්ග රුපියල් 100ට අඩුවෙන් සතොස හරහා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. නාඩු කිලෝවක් 99.50කට කීරි සම්බා වෙනුවට වුණත් ආදේශකයක් ලෙස භාවත කරන්න පුළුවන් සම්බා සහල් කිලෝවක් රුපියල් 130කට දෙනවා.

ඕනෑම සහල් වර්ගයක් සතොසින් කිලෝ පහ බැගින් මිලදී ගන්න පුවවන්. තවත් භාණ්ඩ වර්ග 50ක් වෙළඳපොළේ පවතින මිලට වඩා අඩු මිලට සතොසින් මිලදී ගන්න පුළුවන්. සීනි කිලෝවක් රුපියල් 125කට ලබාදෙනවා. පරිප්පු කිලෝවක් 240යි. නූඩ්ලස් පැකට් එකක් 125යි.

පල්බොරුකාරයෙක් වෙලා දේශපාලන හාල්පාරුවෙක් වෙන්න මට බෑ. බඩු මිල විසඳන්න මට පුළුවන් නම් මං ටක්ගාලා විසඳනවා නේ. උත්සව සමය නිසා හෙට සිට සතොස හරහා නාඩු සහල් කිලෝවක් රුපියල් 99.50කටත් කීරි සම්බා වෙනුවටත් පාවිච්චි කරන්න පුළුවන් සම්බා කිලෝවක් රුපියල් 130කටත් දෙනවා. කිලෝ 5 බැගින් ගන්න පුළුවන්. දෙසැම්බර් 31 වෙනකම් තවත් භාණ්ඩ වර්ග 50ක් වෙළෙඳපොළ මිලට වඩා අඩු මිලට සතොස දෙනවා. සීනි, පරිප්පු ආදිය.

ඒ සඳහා නම් අපට විසඳුමක් නෑ. මොකද ආනයනය සඳහා පවතින ඩොලර් හිඟතාවය තුළ කිරිපිටි වලට වඩා ප්‍රමුඛතාවය දීලා තියෙන්නෙ අනෙක් අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩවලට. ඔය අසාමාන්‍ය ලෙස ලාභ ලබපු විදේශීය සමාගම්වලට පුළුවන් මේ දුෂ්කර අවස්ථාවේදී කෙටි කාලයකට ඔවුන්ගෙ සැපයුම්කරුවන්ට ණය පහසුකමක් දීලා, මේ ටික සපයන්න”

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...