27 C
Colombo
Thursday, May 2, 2024

තිළිණි එක්ක අපේ සම්බන්ධයක් නෑ..! – රාජපක්ෂවරුන්ගෙන් නිවේදනයක්

- Advertisement -

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් තිකෝ ගෲප් පුද්ගලික සමාගමේ හිමිකාරිය තිළිණි ප්‍රියමාලි සමඟ සබඳතා පවත්වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල පැතිර යන වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිගේ මාධ්‍ය අංශයෙන් එම වාර්තා අසත්‍ය සහ පදනම් විරහිත බව ප්‍රකාශ කරනවා.

තිළිණි ප්‍රියමාලි ද සහභාගි වූ උත්සවයකට ශිරන්ති රාජපක්ෂ සහභාගී වන අයුරු දැක්වෙන ඡායාරූපයක් පසුගිය වසරේ මාර්තු මාසයේ දී නිකුත් වී ඇති අතර, නමුත් එය රාජපක්ෂ මහත්මිය චිත්‍රපට නිෂ්පාදනයක් සහ සංගීත සංදර්ශනයක් එළිදැක්වීමේ උත්සවයකට සහභාගී වී සිටි අවස්ථාවක ලබා ගත් ඡායාරූපයක් බවයි එහි දැක්වෙන්නේ.

ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ ප්‍රධානත්වයෙන් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් සහ කලාකරුවන් ද සහභාගී වූ මෙම අවස්ථාවට චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා විසින් ශිරන්ති රාජපක්ෂ වෙත ආරාධනාවක් කර තිබූ බවත් තිළිණි ප්‍රියමාලි සමඟ ශිරන්ති රාජපක්ෂ හෝ හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ කිසිවකු අතර සම්බන්ධයක් තිබූ බවත් හිටපු ජනාධිපතිගේ මාධ්‍ය අංශය පවසන අතර යටි අරමුණක් සහිතව අදාළ පින්තූරය ප්‍රචාරය කරන ඇතැම් පුද්ගලයන්ගේ ක්‍රියාව තරයේ හෙළා දකින බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

මේ අතර, තිලිණි ප්‍රියමාලි නැමති කාන්තාගේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් තවදුරටත් පැමිණිලි ලැබුනහොත් ඒ පිළිබඳවද විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ වන විටපාර්ශ්වයන් කිහිපයකගෙන්ම ඊට අදාළව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

රුපියල් මිලියන 226කට අධික මුදල් සහ රන් භාණ්ඩ සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා එල්ල වූ තිළිණි ප්‍රියමාලි නමැතිය මෙම මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ නියෝග කළේ.

RECENT ARTICLES - SINHALA

උමා ඔය නිසා විදුලිබල මණ්ඩලයට දවසකට රු.මිලියන 80 ක ඉතිරියක්

උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම නිසා දිනකට රුපියල් මිලියන 80 ක පමණ ඉතිරියක් විදුලිබල මණ්ඩලයට සිදු වන බව උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති අධ්‍යක්ෂ...

බස් ගාස්තු ගැන අවසන් තීරණය

ඉන්ධන මිල අඩු වීමත් සමග බස් ගාස්තු අඩුකරන්නේ ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් අද (02) දිනයේ දී ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනා ගමන කොමිෂන්...

රට පුරා වැඩවර්ජන රැල්ලක්

සියලුම විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය අද (02) දහවල් 12.00 සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වීමට තීරණය කල බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා. ඒ...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...