වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර සහ වයඹ පළාත්වල සියලු පාසල්, පෙරපාසල් සහ පිරිවෙන් තාවකාලිකව වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසන්නේ රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් අප්‍රේල් 30 වනදා දක්වා එම තීරණය ක්‍රියාත්මක බවයි.
කෙසේවෙතත් අනෙක් පළාත්වල පාසල් පෙර පරිදි හෙට (27) දිනයේත් ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.
මේ අතර රජයේ තීරණය අනුව යමින් බස්නාහිර සහ වයඹ පළාත්වල සියලුම කතෝලික පාසල් ද අප්‍රේල් 30වනදා දක්වා වසා දැමීමට තීරණය කළ බව කොළඹ අගරදගුරු නිල නිවස නිවේදනය කරනවා.
කෙසේ වෙතත් අද (26) දහවල් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සදහන් කළේ ඒ ඒ ප්‍රදේශයන්හී පවතින තත්වය සැළකිල්ලට ගනිමින් පාසලේ සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු සමඟ සාකච්ඡා කර විදුහල්පතිවරුන් හට පාසල් පැවැත්වීම පිළිබඳ තීරණය කිරීමට අවසර ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බවයි.